Homeකෙටි කතාපළුඳු බඳුනේ පාපොච්චාරණය

පළුඳු බඳුනේ පාපොච්චාරණය

එක් ගමක ජීවත්ව සිටින මහලු කාන්තාවක් හැමදාමත් හවසට නිවස අසළ ඇති ඇළ පාරෙන් භාජන දෙකකට වතුර පුරාවගෙන නිවසේ පරිභෝජනයට ගෙන එන්න පුරුදු වී සිටියා. ඉන් එක් බඳුනක අඩිය පළුදු වී ඇති නිසා ඇළෙන් පුරවා ගෙන එන ජලය,ඇය නිවසට එන විට අඩක් පමණ අඩු වෙයි.

කාලයක් පුරා මෙය සිදු වූ අතර, කාන්තාව නිවසට ගෙන එන්නේ වතුර භාජන එකහමාරක් පමණි. පළුදු නොවූ බඳුන මේ පිළිබඳව ඉතා ආඩම්බර විය. නමුත් පළුදු වූ බඳුන තමාගේ අසම්පූර්ණකම ගැන ලැජ්ජාවට පත් වූ අතර, තමාට සම්පූර්ණ ජල ප්‍රමාණයම කාන්තාවට ලබා දිය නොහැකි වීම් ගැන දුක් විය.

“මට මං ගැනම ලැජ්ජයි, මොකද මගේ අසම්පූර්ණකම නිසා මට කවදාවත් ඔයාට වතුර සම්පූර්ණයෙන්ම ලබා දෙන්න බැහැ.”පළුදු බඳුන අපේක්ෂා භංගත්වයෙන් කාන්තාවට පැවසීය.

මහලු කාන්තාව සිනාසෙමින්, “ඔබ සිටින පැත්තේ අලංකාර මල් විශාල ප්‍රමාණයක් ඇති නමුත් අනෙක් බඳුන පැත්තේ එම සුන්දර මල් නොමැති බව ඔබ දුටුවාද?’ ඔබගේ අඩුපාඩුව ගැන දන්න නිසාම මම ඔබ එන මඟ අයිනේ මල් බීජ හිටෙව්වා, අපි ආපහු යනකොට හැමදාම ඔබ ඒවාට වතුර දෙනවා. දැන් අවුරුදු දෙකක් තිස්සේ මේසය අලංකාර කිරීම සඳහා මෙම අලංකාර මල් මම ගන්නේ ඔබ නිසා ජීවය ලබන මල් පාත්ති වලින්. ඔබේ අසම්පූර්ණකම තුළ මම බොහෝ සුන්දරත්වයක් විඳිනවා..ඔබට ස්තූතියි කියන්න මට වචන නැහැ.” කාන්තාව බොහෝම කරුණාවෙන් පැහැදිලි කළා.

*******************

අපි සෑම කෙනෙකුටම තමන්ටම ආවේණික අඩුපාඩු ,දුර්වලතා තියෙනවා.අපි ඇසුරු කරන අය තුළත් එය එසේමයි…ඒවා වෙනස් කරන්න..ඒ මත්තේ විඳවන්න යනවට වඩා ,කාරුණිකම ආදරණීම දේ වන්නේ අසම්පූර්ණකම තුළ ඔවුන්ව තේරුම් ගෙන පිළිගැනීමයි… සර්ව සම්පූර්ණ වීමට දරන උත්සාහය තුළ අපේ ජීවිතයට අනවශ්‍ය මානසික පීඩනයක් එකතු වෙනවා.

ඒ වගේම…තමන්ගේ කුමන හෝ අඩුපාඩුවක් ගැන අවතක්සේරුවට ලක් කරගන්න එපා.

ඔයා වගේ ඉන්නේ ඔයා විතරමයි..ඉතින් තව කෙනෙක් එක්ක ඔයාගේ සුවිශේෂී බව සන්සන්දනය කරන්න යන්න එපා..ජීවිතය වෙනස් විදියකට දකින්න ඔයාගේ අඩුපාඩු ,ඔයාට නැති දේවල් නිසා කවදාවත් පසුතැවිලි නොවී අසම්පූර්ණකම එක්කම ජීවිතයට වටිනාකමක් එකතු කරගන්න.

දුෂාන්ති අතපත්තු / කවි සිත්තම facebook page

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments