Homeකාන්තා ලෝකයශ්‍රී ලංකාවේ දිනකට කාන්තාවන් 15ක් පියයුරු පිළිකාවට ගොදුරු බවට හෙළිදරව්වක්

ශ්‍රී ලංකාවේ දිනකට කාන්තාවන් 15ක් පියයුරු පිළිකාවට ගොදුරු බවට හෙළිදරව්වක්

ශ්‍රී ලංකාවේ දිනකට සාමාන්‍යයෙන් කාන්තාවන් 15 දෙනෙකු පියයුරු පිළිකාවට ගොදුරු වන බවත්, ඉන් තිදෙනෙකු දිනකට මිය යන බවත් ජාතික පිළිකා පාලන වැඩසටහන වාර්තා කළේය.

වයස අවුරුදු 20 ට වැඩි කාන්තාවන් මාසිකව ස්වයං පියයුරු පරීක්ෂණ සිදු කිරීම වැඩසටහන නිර්දේශ කරන අතර, වයස අවුරුදු 20 ත් 40 ත් අතර කාන්තාවන් සඳහා සෑම වසර තුනකට වරක් සහ අවුරුදු 40 ට වැඩි කාන්තාවන් සඳහා වාර්ෂිකව සායනික පියයුරු පරීක්ෂාව සිදු කිරීමට ජාතික පිළිකා පාලන වැඩසටහන උපදෙස් දෙයි.

මේ අතර ශ්‍රී ලංකාවේ දිනකට නව පිළිකා රෝගීන් 100ක් පමණ අනාවරණය වන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි ප්‍රකාශ කළේය.

නව මුල් පිළිකා හඳුනාගැනීමේ මධ්‍යස්ථානය විවෘත කිරීම වෙනුවෙන් අද (09) පැවැති උත්සවයේ දී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශ ගොඩනැගිල්ලේ බිම් මහලේ මෙම මධ්‍යස්ථානය ස්ථාපිත කර ඇත.

රට පුරා රෝහල් හයක මේ හා සමාන මධ්‍යස්ථාන ක්‍රියාත්මක වන අතර, සෑම දිස්ත්‍රික්කයකම මෙවැනි මධ්‍යස්ථාන පිහිටුවීමට සැලසුම් කර ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

වාර්තා වන පිළිකා රෝගීන් සංඛ්‍යාව දිනපතා ඉහළ යන බවත්, බොහෝ රෝගීන් රෝගයේ දියුණු අවධියේ සිටින බවත් පෙන්වා දුන් සෞඛය නියෝජ්‍ය අමාත්‍යවරයා දිනකට රෝගීන් 40ක් පමණ පිළිකාවට ගොදුරු වන බවත් අනාවරණය කළේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments