Homeඅධ්‍යාපන හා වෘත්තීයපහ වසර ශිෂ්‍යත්ව විභාගයට අදාළ සියලුම උපකාර පන්ති අද මැදියම් රැයේ සිට...

පහ වසර ශිෂ්‍යත්ව විභාගයට අදාළ සියලුම උපකාර පන්ති අද මැදියම් රැයේ සිට තහනම්

2026 වසරේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 09 වැනිදා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,723කදී පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

මේ අනුව පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ සියලුම උපකාරක පන්ති, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු අද (05) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

මෙම කාලය තුළ ශිෂ්‍යත්ව විභාගයට අදාළ අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම, බෙදාහැරීම හෝ ප්‍රචාරය කිරීම ද තහනම් වේ.

විභාග ප්‍රශ්න පත්‍රවලට ප්‍රශ්න ලබා දෙන බවට හෝ ඒවාට සමාන ප්‍රශ්න ලබා දෙන බවට සඳහන් පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා මෙන්ම විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ඔස්සේ එවැනි ප්‍රචාර සිදු කිරීම හෝ එවැනි ද්‍රව්‍ය ළඟ තබා ගැනීම ද සපුරා තහනම් වන අතර, මෙම තහනම ශිෂ්‍යත්ව විභාග කටයුතු අවසන් වනතුරු බලපැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කළේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments