Homeකෙටි කතාඩොලර් මිලියන 10ක චෙක්පත

ඩොලර් මිලියන 10ක චෙක්පත

දවසක් මම – මටම ඩොලර් මිලියන 10ක චෙක් පතක් ලියා එය මගේ පසුම්බියේ දමා ගත්තෙමි. නමුත් මගේ ගිණුමේ කිසිවක් නොවීය. නමුත් මට එය ඇත්තක් ලෙස දැනෙන්නට විය.

මම කීවෙමි. “අල්ලන් ඉන්න.. ඔබේ දවස එනවා”

ඒ සමයේ මට කිසිවක් නොවීය.

කුලිය ගෙවා ගත්තේද අමාරුවෙනි.

මම මගේ පවුලේ අය සමඟ වෑන් රථයක ජීවත් වුනෙමි.

ටින් මාළු එකක් කඩා කමින් දවල් සිහින දකිමින් සිටියෙමි.

නමුත් ඒ කඩදාසි කැබැල්ල ???

ඒක විහිළුවක් නෙවෙයි.

ඒක මම – මටම වුන පොරොන්දුවක්.

“ලෝකය තවමත් මා දැන නොගත්තත් මම වටිනා බව මම දනිමි.” මම මටම එසේ කියා ගත්තෙමි.

මාව එපා කිව්වා බහුතරයක්.. ඕනාවට වැඩියි කිව්වා..

නමුත් ඕනෑවට වඩා යමක් තිබීම මා ලද ත්‍යාගය බව මම තදින් දැන සිටියෙමි.

යමක් හරි ගිය සෑම විටකම – මම ඉරිතැලුණු , නැමුණු ඩොලර් මිලියන 10 චෙක්පත පසුම්බියෙන් එලියට ගෙන කොඳුරා මටම කීවෙමි.

“අල්ලන් ඉන්න.. ඔබේ දවස එනවා..”

වසර 5කට පසු එය යතාර්ථයක් විය. සිනමාවෙන් මට හරියටම ඩොලර් මිලියන 10ක චෙක් පතක් ලැබිණ.

මම කිසිදිනෙක මුදල් ඉල්ලා හැඬුවේ නැත..

නමුත් එදින මම – මටම වුනු පොරොන්දුව නිසා හැඬුවෙමි..

බාහිර ලෝකයට නොපෙනෙන – ඔබ සතු දෙයක් විශ්වාස කිරීමේ බලය කිසිවිටෙක අවතක්සේරු නොකරන්න. මතක තියා ගන්න. ලෝකයා ඔබව සැනින් විශ්වාස කිරීම අවශ්‍ය වන්නේ නැත. ඒකට අවශ්‍ය වන්නේ ඔබ ඔබව විශ්වාස කිරීම පමණය.

ජිම් කෙරී – OSCAR සම්මානලාභී

Copied by- facebook https://web.facebook.com/apearata?locale=en_GB

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments