Homeකාලීන පුවත්ශ්‍රී ලංකාවේ දිනකට නව පිළිකා රෝගීන් 100ක් - සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැති අනතුරු...

ශ්‍රී ලංකාවේ දිනකට නව පිළිකා රෝගීන් 100ක් – සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැති අනතුරු අඟවයි

ශ්‍රී ලංකාවේ දිනකට නව පිළිකා රෝගීන් 100ක් පමණ අනාවරණය වන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි ප්‍රකාශ කළේය.

නව මුල් පිළිකා හඳුනාගැනීමේ මධ්‍යස්ථානය විවෘත කිරීම වෙනුවෙන් අද (09) පැවැති උත්සවයේ දී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශ ගොඩනැගිල්ලේ බිම් මහලේ මෙම මධ්‍යස්ථානය ස්ථාපිත කර ඇත.

රට පුරා රෝහල් හයක මේ හා සමාන මධ්‍යස්ථාන ක්‍රියාත්මක වන අතර, සෑම දිස්ත්‍රික්කයකම මෙවැනි මධ්‍යස්ථාන පිහිටුවීමට සැලසුම් කර ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

වාර්තා වන පිළිකා රෝගීන් සංඛ්‍යාව දිනපතා ඉහළ යන බවත්, බොහෝ රෝගීන් රෝගයේ දියුණු අවධියේ සිටින බවත් පෙන්වා දුන් සෞඛය නියෝජ්‍ය අමාත්‍යවරයා දිනකට රෝගීන් 40ක් පමණ පිළිකාවට ගොදුරු වන බවත් අනාවරණය කළේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments