Homeකාලීන පුවත්ලෝක Keratoconus දිනය අද – Keratoconus රෝග ලක්ෂණ ඔබ දැන සිටියා ද...

ලෝක Keratoconus දිනය අද – Keratoconus රෝග ලක්ෂණ ඔබ දැන සිටියා ද ?

නොවැම්බර් මස 10 වැනි දිනට යෙදී ඇති ‘ලෝක කෙරටකෝනස් දිනය’ (World Keratoconus Day) අද ශ්‍රී ලංකාවේදී ප්‍රථම වරට සමරනු ලැබුවේ ය.

ලෝක කෙරටකෝනස් දිනය (World Keratoconus Day ) 2016 වර්ෂයේ දී  ජාත්‍යන්තර දිනයක් ලෙස නම්ක ර ඇත.

එම දිනයට සමගමීව කෙරටකෝනස් රෝගී තත්ත්වය පිළිබදව  ජනතාව දැනුවත්කිරීමේ අරමුණින් විශේෂ මාධ්‍ය හමුවක් අද (10) පෙරවරුවේ කොළඹ ජාතික අක්ෂි රෝහල් ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති, අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය  කුසුම් රත්නායක, කරාපිටිය ජාතික රෝහලේ කෝනියා පිළිබද අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය  මේධාවනී  දිසානායක සහ යාපනය ශීක්ෂණ රෝහලේ කෝනියා පිළිබද අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය  එස්.සුජීවන් යන අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන් මෙම විශේෂ මාධ්‍ය සම්මන්ත්‍රණයේ දී කෙරටකෝනස් රෝගයේ ලෝක තත්ත්වය සහ මෙරට තත්ත්වය, ප්‍රතිකාර ක්‍රමවේදයන්, දැනුවත්වීම් ඇතුළුව කරණු රාශියක් පිළිබදව අදහස් ඉදිරිපත් කළහ.

රෝග ලක්ෂණ

  • කෙරටකෝනස් (Keratoconus ) යනු කෝනියාව හෙවත් ස්වච්චය යන ව්‍යුහයට බලපාන අක්ෂි රෝග තත්ත්වයක් වන අතර මෙහි දී කෝනියාවේ සාමාන්‍ය උත්තල හැඩයෙන් මිදී ඉදිරියට නෙරා ඒම සිදුවේ.
  • මෙම රෝග තත්ත්වය කල්තියා හඳුනා ගැනීම ඉතා වැදගත් වන අතර පෙනිමේ දුර්වලතා ඇත්නම් කඩිනමින් අක්ෂි පරීක්ෂාවක් සදහා යොමුවිය යුතුය.
  • වයස අවුරුදු 10 – 20 අතර වයස් කාණ්ඩයේ  පසුවන්නන් මෙම රෝගී තත්ත්වයට ප්‍රධාන වශයෙන්ම ගොදුරු වේ.
  • මුල් අවස්ථාවේදීම හඳුනා ගෙන ප්‍රතිකාර කිරීමෙන් රෝගය පාලනය කිරීමට හැකියාව ලැබේ.
  • නිතර නිතර ඇස් කණ්නාඩි මාරුකිරීමට සිදුවනවානම් එය ද කෙරටකෝනස් රෝගී තත්ත්වයේ එක් පැතිකඩක් විය හැකිය.

ශ්‍රී ලංකාව තුළ මෙම රෝගයට ප්‍රතිකාර කිරීම සදහා නවීන ප්‍රතිකාර ක්‍රමවේදයන් ඇති බවත් අක්ෂි විශේෂඥ වෛද්‍යවරුන් මෙහි දී අනාවරණය කරන ලදී.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments