නිර්නාමිකව සිටීමට කැමති රසකැවිලි කර්මාන්තයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයෙකු අදහස් දක්වමින්, නව නිර්ණායකවලට ගැලපීම, විශේෂයෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ආහාර නිෂ්පාදන ව්‍යාපාර සඳහා සැලකිය යුතු ප්‍රායෝගික සහ මූල්‍ය අභියෝග මතු කරනු ඇතැයි අදහස් කළේය.
වයස අවුරුදු 12 ට අඩු ළමුන් සඳහා ආහාර පාන අලෙවි කිරීම සඳහා රජය විසින් මේ සතියේ ප්‍රකාශයට පත් කරන ලද නව සීමා කිරීම් ක්‍රියාත්මක කිරීම සඳහා සහයෝගී ප්‍රවේශයක් (collaborative approach) අවශ්‍ය බව ලංකා වාණිජ මණ්ඩලය (Ceylon Chamber of Commerce – CCC) පවසයි.
2022 ආහාර (ලේබල් කිරීම සහ ප්‍රචාරණ) රෙගුලාසි (Food (Labelling & Advertising) Regulations) යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සකස් කරන ලද නව නීතිවල කොටසක් පසුගිය 2025 ජනවාරි පළමු වැනිදා සිට රට තුළ ක්‍රියාත්මක වීමට නියමිත තිබූ නමුත් රජය මේ සතියේ නීති රීති ක්‍රියාත්මක කිරීම 2025 ජූලි 1 දක්වා කල් දැමුවේය.
නව සීමා කිරීම් යටතේ, ආහාර නිෂ්පාදකයින් වයස අවුරුදු 12 ට අඩු දරුවන් ආහාර සහ පාන වර්ග (food and beverage / F&B) නිෂ්පාදන සඳහා වන වෙළඳ දැන්වීම්වල දක්නට නොලැබෙන බවට සහතික විය යුතුය.
මීට අමතරව, මෙම නිෂ්පාදන සෞඛ්‍ය අමාත්‍යාංශයේ පූර්ව අනුමැතියකින් තොරව අවුරුදු 12 ට අඩු ළමුන් සඳහා ප්‍රචාරණය කිරීම හෝ ප්‍රවර්ධනය කිරීම ද තහනම් වේ.
මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින්, CCC සිය ආහාර සහ පාන මෙහෙයුම් කමිටුව (Food & Beverage Steering Committee) ආහාර විද්‍යාව, පෝෂණය, ජාත්‍යන්තර නියාමන පිළිවෙත් සහ නීතිමය රාමු පිළිබඳ යෙදවුම් ලබා දෙමින් මෙම රෙගුලාසි සැකසීමේ ප්‍රධාන හවුල්කරුවෙකු වූ බව පැවසුවේය.
වසර 20කට පසු ශ්‍රී ලංකාවේ ආහාර නියාමන රාමුව නවීකරණය කිරීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයට ප්‍රශංසා කරන අතරම, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ සිට මහා පරිමාණ ව්‍යවසායකයින් දක්වා ව්‍යාපාර සඳහා මුල් බැසගත් කර්මාන්ත භාවිතයන් සංක්‍රමණය කිරීම අභියෝගාත්මක වනු ඇති බව ලංකා වාණිජ මණ්ඩලය සඳහන් කළේය.
කෙසේ වෙතත්, ඇසුරුම් කරන ලද ආහාර අඛණ්ඩව ලබා ගැනීම සහ දිගුකාලීන වෙළඳනාම කොටස් සුරැකීම සමඟ පාරිභෝගික ආරක්ෂාව සමතුලිත කිරීම අත්‍යවශ්‍ය බව ලංකා වාණිජ මණ්ඩලය අවධාරණය කරයි.
“මෙම රෙගුලාසි ක්‍රියාත්මක කිරීම සඳහා නිවැරදි සහ සහයෝගී ප්‍රවේශයක් සුමට සංක්‍රමණයක් සහතික කිරීම සඳහා වැදගත් වනු ඇත,” ලංකා වානිජ මණ්ඩලය වැඩි දුරටත් ප්‍රකාශ කළේය.
තවද, රෙගුලාසි සකස් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ උපදේශන ක්‍රියාවලිය දශකයකට වැඩි කාලයක් පුරා පැතිරී ඇති බව වාණිජ මණ්ඩලය සඳහන් කළේය.
ළමා සෞඛ්‍යයට සෘජු බලපෑමක් ඇති කළ හැකි අනෙකුත් කර්මාන්ත නිදහස් කරන අතර ම සීමා කිරීම් දේශීය ආහාර නිෂ්පාදකයින් පමණක් ඉලක්ක කර ඇති බැවින් එය ක්ෂේත්‍රයට අසාධාරණ මට්ටමේ ක්‍රීඩා පිටියක් නිර්මාණය කරන බව පවසමින් රසකැවිලි කර්මාන්තය නව නීති පිළිබඳව ඔවුන්ගේ සැකය පළ කළේය.
නිර්නාමිකව සිටීමට කැමති රසකැවිලි කර්මාන්තයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයෙකු අදහස් දක්වමින්, නව නිර්ණායකවලට ගැලපීම, විශේෂයෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ආහාර නිෂ්පාදන ව්‍යාපාර සඳහා සැලකිය යුතු ප්‍රායෝගික සහ මූල්‍ය අභියෝග මතු කරනු ඇතැයි අදහස් කළේය.
පෝෂණ ලේබල් කිරීම (nutritional labelling) සඳහා ශ්‍රී ලංකාව තුළ පවතින පරීක්ෂණ පහසුකම් නොමැතිකම සහ ලේබල් ප්‍රතිනිර්මාණය කිරීම හා සම්බන්ධ අධික පිරිවැය නව නීති මගින් ගෙන එන ක්ෂණික අභියෝග කිහිපයක් ලෙස නියෝජිතයා පෙන්වා දුන්නේය.
2005 ආහාර (ලේබල් කිරීම සහ ප්‍රචාරණ) රෙගුලාසි වෙනුවට නව රෙගුලාසි 2023 පෙබරවාරි 14 වැනි දින පිටු 29කින් යුත් ගැසට් පත්‍රයක් මගින් රජය විසින් ප්‍රකාශයට පත් කරන ලදී.
ගැසට් පත්‍රය බලාත්මක කිරීම මුලින් 2024 ජනවාරි 1 සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ නමුත් ව්‍යාපාරවලට නව අවශ්‍යතාවලට හැඩගැසීමට වැඩි කාලයක් ලබා දීමේ පියවරක් ලෙස 2025 ජනවාරි 1 දක්වා වසරකින් කල් දමන ලදී. කෙසේ වෙතත්, රජය මේ සතියේ නීති රීති ක්‍රියාත්මක කිරීම 2025 ජූලි 1 දක්වා කල් තැබූ අතර, අනුකූල වීම සඳහා අමතර කාලයක් ලබා දුන්නේය.