Wednesday, January 22, 2025
More
    Homeළමා ලෝකයළමුන් අතර පැතිර යන උණ රෝගයක් - ඔබ දැනගත යුතු ම කතාව...

    ළමුන් අතර පැතිර යන උණ රෝගයක් – ඔබ දැනගත යුතු ම කතාව මෙන්න

    ඉන්ෆ්ලුවෙන්සා / influenza වැනි රෝගයක් ශ්‍රී ලංකාවේ දරුවන් අතර පැතිරෙමින් පවතින බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය මහේෂ්ක විජයවර්ධන මහතා පවසයි.

    විශේෂඥ වෛද්‍යවරයා පවසන්නේ වත්මන් ඉන්ෆ්ලුවෙන්සා රෝගයේ රෝග ලක්ෂණ වන්නේ උණ, සෙම්ප්‍රතිශ්‍යාව, හිසරදය, මස්පිඩු හෝ සිරුරේ කැක්කුම, ඔක්කාරය, තෙහෙට්ටුව, ආහාර රුචිය අඩුවීම සහ උගුර වණ වීම බව යි.

    මෙය සෘතුමය රෝගයක් වන අතර කාලයත් සමග සමනය වන බව විජයවර්ධන මහතා පැවසුවේ. මීට මාස කිහිපයකට පෙර ආසාදිතයින්ගේ වර්ධනයක් සිදු වූ නමුත් වර්තමානය වන විට ආසාදිතයින් සංඛ්‍යාව අඩු වෙමින් පවතින බව ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේ ය.

    කෙසේ වෙතත්, ඔහු ප්‍රකාශ කළේ මුහුණු ආවරණයක් පැළඳීම, නිතිපතා අත් සේදීම සහ හොඳ සනීපාරක්ෂාව පවත්වා ගැනීම වැනි ක්‍රියාමාර්ග මඟින් මෙම  රෝගය වළක්වා ගැනීමට බොහෝ දුරට හැකියාව ඇති බව යි.

    “පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන රෝගය ව්‍යාප්ත වීමේ වැඩි අවදානමක් ඇති ස්ථාන  ලෙස හඳුනාගෙන තිබෙනවා. මේ නිසා දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය හොඳින් නිරීක්ෂණය කරන ලෙසත්, යම් රෝග ලක්‍ෂණ පෙන්නුම් කරන්නේ නම් පාසල් හෝ දිවා සුරැකුම් මධ්‍යස්ථාන වෙත යැවීමෙන් වළකින ලෙසත් දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා,” විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    මේ අතර මාධ්‍ය වෙත අදහස් දක්වමින් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ සහ කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ද මෙවැනි උණ රෝගයක් පැතිර යන බවයි. “ශ්‍රී ලංකාවේ අප දකින්නේ සාමාන්‍ය උණ වර්ගයක්. නමුත් කොංගෝවේ, හුදකලා ප්‍රදේශවල රෝගය පැතිර යන බැවින් තත්ත්වය වඩාත් සංකීර්ණ වන අතර නිශ්චිත හේතුව තවමත් හඳුනාගෙන නැහැ. කොංගෝවේ පැතිර යන රෝගය ශ්‍රී ලංකාවට පැමිණීමට ඇති ඉඩකඩ ඉතා අඩු යි.අපි තත්වය පිළිබඳව හොඳින් විමසිල්ලෙන් සිටිය යුතුයි, නමුත් දැනට කලබල වීමට හේතුවක් නැහැ” ඔහු තවදුරටත් පැවසීය

    RELATED ARTICLES
    - Advertisment -
    Google search engine

    Most Popular

    Recent Comments