පුෂ්පා – 2 මංගල දර්ශනය අතර තුර හයිද්‍රාබාද් තෙරපීමේදී කාන්තාවකගේ මරණය සම්බන්ධයෙන් චෝදනා ලැබීමෙන් සති කිහිපයක් ගත වූ පසුව ද සුපිරි නළු අල්ලු අර්ජුන්ගේ ගැටලු තවත් සංකර්ණ වී ඇත.
අර්ජුන්ට දැන් මැර ප්‍රහාරවලට ද මුහුණ දීමට ද සිදු වී තිබේ. OU JAC සංවිධානයට සම්බන්ධ බව පවසමින් සාහසිකයින් පිරිසක් පසුගිය ඉරිදා අල්ලු අර්ජුන්ගේ නිවසට තක්කාලි ප්‍රහාරයක් එල්ල කළ බව ඉන්දීය රූපවාහිනී ආරංචි මාර්ග අනාවරණය කර තිබේ.
සිද්ධිය අතරතුර පරිශ්‍රය තුළ ඇති මල් පෝච්චිවලට හානි සිදුවී ඇති අතර, එය අල්ලු අර්ජුන්ගේ හයිද්‍රාබාද් නිවසේ අවුල් සහගත තත්ත්වයක් ඇති කළේය.
පසුගිය ඉරිදා අල්ලු අර්ජුන්ගේ නිවසින් පිටත රැස්ව සිටි පිරිසක් ඇතුළට ඉඩ දෙන ලෙස ඉල්ලා සිටියහ. නිවසේ කාර්ය මණ්ඩලය ගේට්ටු විවෘත කිරීම ප්‍රතික්ෂේප කළ විට මැර පිරිස තාප්පයෙන් පැන නිවස ආක්‍රමණය කර අලාභහානි සිදු කළහ. කාර්ය මණ්ඩලය මැදිහත් වී මැරයින් නිවස තුළට යෑම වැළැක්වීමත් සමඟ ආරක්ෂක නිලධාරින් පැමිණි අතර දෙපිරිස අතර ගැටුමක් ඇති විය.
පුෂ්පා 2 මංගල දර්ශනයේදී හදිසියේ මියගිය රේවතීගේ පවුලට සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලා පිරිස ‘යුක්තිය ඉටු කළ යුතුයි’ කියමින් උද්ඝෝෂණය කළහ. මැරයින් අල්ලු අර්ජුන් ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය ද ග්‍රහණයට ගත් අතර නිවසට තක්කාලි ප්‍රහාරයක් ද එල්ල කළහ. ප්‍රහාරය අතරතුර නිවසට ගල් ප්‍රහාර ද එල්ල වූ බවට තහවුරු නො කළ ප්‍රකාශයන් පවතින අතර ඒවා තවමත් තහවුරු කර නොමැත.
පසුගිය දෙසැම්බර් 4 වන දින, පුෂ්පා 2 හි මංගල දර්ශනය අතරතුර හයිද්‍රාබාද් සන්ධ්‍යා රඟහලේ තෙරපීමක් ඇති විය. එයින් කාන්තාවක් මිය ගිය අතර ඇගේ පුතා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමට සිදු විය.
අල්ලු අර්ජුන් මේ සම්බන්ධයෙන් වීඩියෝවක් නිකුත් කරමින් තම ශෝකය ප්‍රකාශ කළ අතර නීති උපදෙස් හේතුවෙන් තමාට වින්දිතයාගේ පවුලේ අය හමුවීමට යාමට නො හැකි වූ නමුත් වින්දිතයා රැකබලා ගන්නා බවට තමා පොරොන්දු වන බව පැවසීය.
මෙම තෙරපුම් නඩුවේ දෙසැම්බර් 13 වන දින අල්ලු අර්ජුන් අත්අඩංගුවට ගැනීමෙන් පසු, පහළ අධිකරණය ඔහු දින 14ක අධිකරණ භාරයට යැවීමට තීන්දුව ලබා දුන් අතර, වහාම තෙලන්ගානා මහාධිකරණය විසින් අල්ලු සති 4ක අතුරු ඇප මත මුදා හැරියේය. අර්ජුන්ගේ පියා Allu Arvind සහ Pushpa 2 අධ්‍යක්ෂක සුකුමාර් යන දෙදෙනාම පසුගිය සතියේ වින්දිත දරුවා මුණගැසුණි.
ඉන්දීය මාධ්‍ය වාර්තා අසුරිනි.