Monday, October 13, 2025
More
    Homeසෞඛ්‍ය හා ජීවිතයඔබේ වකුගඩු සෞඛ්‍ය සම්පන්න ද? නැද්ද? යන්න වටහාගත හැකි රෝග ලක්ෂණ 5ක්

    ඔබේ වකුගඩු සෞඛ්‍ය සම්පන්න ද? නැද්ද? යන්න වටහාගත හැකි රෝග ලක්ෂණ 5ක්

    ඒවා මගින් රුධිර පීඩනය නිරීක්ෂණය කරන අතර රතු රුධිර සෛල සෑදීමට ද උපකාරී වේ. නමුත් ජනතාව බොහෝ අවස්ථාවලදී වකුගඩු අකර්මණ්‍ය වීම පෙන්නුම් කරන මූලික රෝග ලක්ෂණ පිළිබඳ සැලකිල්ලක් නොදක්වති.

    මෙම රෝග ලක්ෂණ නියමිත වේලාවට හඳුනා ගන්නේ නම්, වකුගඩු ආශ්‍රිත රෝග සඳහා ප්‍රතිකාර කල්තබා ආරම්භ කිරීමේ හැකියාව පවතී.

    අපි නිරන්තරයෙන් අවධානය යොමු නොකරන එම රෝග ලක්‍ෂණ පහ ගැන දැනුවත් වෙමු. මේවා වකුගඩු රෝගයේ හෝ ඒවා අක්‍රීය වීම පිළිබඳ ලක්ෂණ විය හැකි ය.

    නිතර මුත්‍රා කිරීම වකුගඩු අකර්මණ්‍ය වීමේ ලක්ෂණයක් විය හැකි අතර මෙය පොලියූරියා ලෙස හඳුන්වයි.

    නමුත් වකුගඩුවලට හානි වූ විට අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයකින් මුත්‍රා පිට වේ. නිතර නිතර මුත්‍රා පෙණ සහිතව පිටවීම මෙහි ලක්ෂණයක් බව පැවසෙයි.

    කෙසේ වෙතත්, පෙණ සහිත මුත්‍රා පිටවීම වකුගඩු රෝගයක් හේතුවෙන් පමණක් සිදු නොවන බව ශ්‍රීමත් ගංගාරාම් රෝහලේ ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍ය මොහ්සින් වාලි පවසයි. පෙණ සහිත මුත්‍රා පිටවීම වෙනත් රෝග නිසා ද සිදුවිය හැකි ය.

    ඇස් සහ කකුල් ඉදිමීම ද වකුගඩු අකර්මණ්‍ය වීමේ ලක්ෂණයක් විය හැකි යි. වළලුකර සහ කකුලේ පහළ පිටුපස ප්‍රදේශය ඉදිමී තිබේ නම් එය නොසලකා හැරිය යුත්තක් නොවේ. එය වකුගඩු රෝගය පෙන්නුම් කරන ආකාරයකි.

    මනිපාල් රෝහලේ වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ගරිමා අගර්වාල් පවසන්නේ, පාද ඉදිමෙන විට පරීක්ෂාකාරී විය යුතු බව ය. ඇස්, මුහුණ සහ කකුල් ඉදිමීම මගින් පෙන්නුම් කෙරෙන්නේ වකුගඩු රෝගය විය හැකි ය.

    අධිරුධිර පීඩනය වකුගඩුවලට බලපෑම් එල්ල කරයි.

    විශේෂඥයින්ට අනුව රුධිර පීඩනය යනු දෙපැත්ත කැපෙන කඩුවකි. අධිරුධිර පීඩනය වකුගඩුවලට බලපෑම් එල්ල කරයි.

    ඊට අමතරව, වකුගඩු අකර්මණ්‍ය වීම නිසා රුධිර පීඩනය ද ඉහළ යයි.

    එබැවින් රුධිර පීඩනය සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටිය යුතු ය.

    බොහෝවිට රුධිර පීඩනය පාලනය නොවන බව සහ ඖෂධ මාත්‍රාව ඉහළ නංවන බව වෛද්‍ය ගරිමා අගර්වාල් පවසයි. එය ද වකුගඩු රෝගයේ ලක්ෂණයකි.

    දියවැඩියාව හේතුවෙන් වැඩි බලපෑමක් එල්ල වන්නේ වකුගඩුවලට ය.

    වකුගඩු රෝගීන්ගෙන් 80%ක් දියවැඩියාවෙන් පෙළෙන බව වෛද්‍ය ගරිමා අගර්වාල් පවසයි.

    දියවැඩියා රෝගීන්ගෙන් 30% සිට 40% දක්වා වකුගඩුවලට බලපෑම් එල්ල වී තිබේ.

    දියවැඩියා රෝගයෙන් පෙළෙන පුද්ගලයින් තුළ වකුගඩු රෝග වර්ධනය වීම ආරම්භයේදී, ඔවුන්ගේ සීනි මට්ටම ද පහත වැටේ.

    වසර ගණනාවක් පුරා සීනි මට්ටම ඉහළ යාම හේතුවෙන් වකුගඩු රෝග වර්ධනය වීම ආරම්භ වේ.

    වකුගඩු අකර්මණ්‍ය වීම ශරීරයේ ෆොස්ෆරස් ඌණතාවට හේතු වේ. එමගින් ශරීරයේ කැසීම ද ඇති වේ.

    තෙහෙට්ටුව, කැසීම සහ ඔක්කාරය වකුගඩු රෝගයේ ලක්ෂණ විය හැකි ය.

    විශේෂඥයන්ට අනුව කැසීම ඇති වන්නේ, ශරීරයේ ෆොස්ෆරස් නොමැතිකම හේතුවෙන් විය හැකි ය. වකුගඩු රෝග ශරීරයේ ෆොස්ෆරස් ඌණතාවයට හේතු වේ.

    ඇතැම් වකුගඩු රෝගීන්ට ඔක්කාරය ඇති වෙයි. ඔවුන්ට ආහාර ගැනීමට ප්‍රියතාවක් ඇති නොවේ.

    සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් වකුගඩු රෝග වළක්වා ගැනීම සඳහා බොහෝ සෙයින් උපකාරී වන බව විශේෂඥයෝ පවසති. නියමිත පරිදි ව්‍යායාම කිරීම, ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම සහ ලුණු සහ සීනි අඩුවෙන් භාවිත කිරීම වකුගඩු රෝගය වැළැක්වීම සඳහා ඵලදායී බව ඔවුහු පෙන්වා දෙති.

    වෛද්‍ය මොහ්සින් වාලි සහ වෛද්‍ය ගරිමා අගර්වාල් බීබීසී හින්දි සේවයට මෙම රෝගය වළක්වා ගත හැකි ක්‍රියාමාර්ග කිහිපයක් පිළිබඳව පැවසූහ.

    Woman in home office suffering from back pain sitting at computer desk
    තෙහෙට්ටුව, කැසීම සහ ඔක්කාරය වකුගඩු රෝගයේ ලක්ෂණ විය හැකි ය

    සෑම දිනක ම අවම වශයෙන් ජලය ලීටර් දෙක හමාරක් හෝ පානය කළ යුතු ය.

    නිරෝගිමත් වකුගඩු සඳහා ජලය වැදගත් කාර්ය භාරයක් ඉටු කරයි. ඔබ ප්‍රමාණවත් තරම් ජලය පානය කරන විට, වකුගඩු මගින් ශරීරයෙන් හානිදායක ද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා ප්‍රමාණවත් මුත්‍රා නිපදවයි.

    එමෙන් ම, වකුගඩුවල ගල් ඇති වීමේ හා ආසාදන හටගැනීමේ අවදානම ද අවම වේ. ඔබ ප්‍රමාණවත් පරිදි ජලය පානය කරන්නේ නම්, ඔබේ මුත්‍රා පැහැදිලි පැහැයක් හෝ ලා කහ පැහැයක් ගනී.

    සාමාන්‍යයෙන් පුද්ගලයෙකු දිනකට ජලය ලීටර් දෙකක් හෝ දෙක හමාරක් පානය කළ යුතු බව වෛද්‍ය ගරිමා අග්ගර්වාල් පවසයි.

    රුධිර පීඩනය වැඩි කර වකුගඩුවලට හානි කරන බැවින් අධික ලෙස ලුණු පරිභෝජනය වකුගඩු සඳහා සුදුසු නොවේ. එමෙන් ම අච්චාරු, පපඩම් සහ කලින් පිසූ ආහාර භාවිතයෙන් ද වළකින්න.

    නූඩ්ල්ස්, චව්මින් වැනි ආහාරවල ලුණු බහුලව අඩංගු වේ. ඒවා පරිභෝජනයෙන් ද වළකින්න.

    සහිඳ ලුණු (Rock salt) වකුගඩුවලට හානිකර විය හැකි ය.

    වර්තමානයේදී සහිඳ ලුණු පරිභෝජනය කිරීමේ ප්‍රවණතාව ඉහළ ගොස් තිබේ. නමුත් අධිරුධිර පීඩනය පවතින රෝගීන් සහිඳ ලුණු පරිභෝජනය නොකළ යුතු ය.

    සාමාන්‍ය ලුණුවලට වඩා සහිඳ ලුණු සෞඛ්‍යයට වඩාත් සුදුසු බව පොදුවේ විශ්වාස කරන බව වෛද්‍ය මොහ්සින් වාලි පවසයි. නමුත් එහි අඩු පොටෑසියම් ප්‍රමාණයක් සහ වැඩි සෝඩියම් ප්‍රමාණයක් අන්තර්ගත වේ.

    ඔබට වකුගඩු රෝග වළක්වා ගැනීමට අවශ්‍ය නම් රසකැවිලි අඩුවෙන් පරිභෝජනය කරන්න.

    සීනි පරිභෝජනය නොකිරීම වඩා හොඳ වේ. කේක්, කුකීස්, පේස්ට්‍රි සහ කෝලා වැනි දෑ තුළ සැකසූ සීනි අඩංගු වේ.

    ඔබට වකුගඩු රෝගය වළක්වා ගැනීමට අවශ්‍ය නම්, ව්‍යායාම කිරීම මගින් ඔබේ බර පාලනය කර ගන්න.

    තරබාරු පුද්ගලයින් වකුගඩු රෝගයට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇති නිසා ශරීරයේ බර අඩු කර ගත යුතු බව විශේෂඥයෝ පවසති.

    ඔබේ ශරීර ස්කන්ධ දර්ශකය (BMI) අඩු මට්ටමක තබා ගන්න. එය 24 ට වඩා අඩු නම් එය ඉතා හොඳ ය.

    සැහැල්ලු ශාරීරික ව්‍යායාම්වල නිරත වන්න. මෙය ඉතා වැදගත් වේ. මෙය පරිවෘත්තීය ක්‍රියාවලිය හොඳින් තබා ගනියි.

    මෙය හොඳ මට්ටමක පවතී නම්, ඔබ වයස අවුරුදු 50 ට ළඟා වන විට, දියවැඩියාව සහ රුධිර පීඩනය ඇතිවීමේ අවදානම අඩු වනු ඇත.

    පලතුරු, එළවළු සහ ධාන්‍යවලින් පොහොසත් ආහාර වේලක් පරිභෝජනය කළ යුතු ය. ප්‍රෝ – බයෝටික් සහිත ආහාර සෞඛ්‍යයට හිතකර වේ. එවැනි ආහාර වර්ග සඳහා ආහාර වේල තුළ ප්‍රමුඛත්වය දෙන්න. බැදපු ආහාර පරිභෝජනයෙන් වළකින්න.

    ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම, සමබර ආහාර වේලක් ලබා ගැනීම සහ ව්‍යායාම කිරීම මගින් වකුගඩු නිරෝගීව තබා ගන්නා අතර ඔබේ සමස්ත ශරීර සෞඛ්‍යය යහපත්ව පවත්වා ගත හැකි ය.

    “බොහෝ අවස්ථාවලදී පුද්ගලයින් ඖෂධ අලෙවිසැල්වලින් ඖෂධ මිල දී ගන්නා අතර ම වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් නොගෙන ඒවා භාවිත කරන බව අපට පෙනෙන්නට තිබෙනවා,” වෛද්‍ය ගරිමා අගර්වාල් පවසයි.

    වෛද්‍ය ගරිමා අගර්වාල් පවසන්නේ, බොහෝ පුද්ගලයින් වේදනා නාශක ලබා ගන්නා බව ය.

    වෛද්‍ය ගරිමා පවසන පරිදි, “වැඩිහිටියන් බොහෝ විට ශාරිරික වේදනාව සහ ආතරයිටීස් සඳහා වේදනා නාශක භාවිත කරනවා. ඇතැම් ඖෂධවල බැර ලෝහ සහ ස්ටෙරොයිඩ්ස් අඩංගු වෙන්න පුළුවන්. ඒවා වකුගඩුවලට හානිදායක වෙන්න පුළුවන්.”

    සීනි ස්ථූලභාවය වැඩි කරන අතර වකුගඩු රෝග අවදානම ඉහළ නංවයි.

    source:https://www.bbc.com/sinhala/articles/cx2j9z941kyo

    RELATED ARTICLES

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisment -
    Google search engine

    Most Popular

    Recent Comments