සැබෑ ශ්‍රී ලාංකික සමාගමක් සහ පොල් ලෙලි ආශ්‍රිත නිර්පාංශු වගා මාධ්‍ය නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන RIOCOCO සමාගම 2024 ඔක්තෝබර් 11 දින තුර්කියේ ඉස්තාන්බුල් නුවර ඉන්ටර්කොන්ටිනෙන්ටල් හෝටලයේදී පැවැත්වුණු 21 වැනි Stevie Awards (International Business Awards) සම්මාන උලෙළේදී සම්මාන රැසක් දිනා ගත්තේය.
මෙරට විදේශ විනිමය සංචිත ශක්තිමත් කිරීමට විශාල දායකත්වයක් දක්වන එම සමාගම නව්‍යකරණයට සහ තිරසරභාවයට දක්වන කැපවීම යළි තහවුරු කරමින් Stevie සම්මාන හයකින් පිදුම් ලැබීය. මෙම සුවිශේෂී ජයග්‍රහණය තුළින් ජාත්‍යන්තර වේදිකාවේ ශ්‍රී ලංකාවට හිමි ස්ථානය සහ තිරසර ව්‍යාපාර කටයුතු ප්‍රවර්ධනය සඳහා මෙරට සතු හැකියාව පිළිබිඹු කරයි. තිරසර වගා මාධ්‍ය සහ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ශ්‍රී ලාංකික සමාගමක් ජාත්‍යන්තර වශයෙන් මෙවැනි විශිෂ්ට ජයග්‍රහණයක් ලැබූ පළමු අවස්ථාව මෙය වේ.
RIOCOCO සමාගමේ මව් සමාගම වන Ceyhinz Link International Inc. සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ශාන් හළඹ මහතා වසරේ විධායක නිලධාරියා (නිෂ්පාදන ක්ෂේත්‍රය) සඳහා වන Stevie රිදී සම්මානය දිනා ගත්තේය. පසුගිය වසර 20ක කාලය තුළ ඔහුගේ නායකත්වය යටතේ ගෝලීය වශයෙන් සිය ව්‍යාපාරය ව්‍යාප්ත කර ඇති RIOCOCO සමාගම වර්තමානයේදී රටවල් 65කට පමණ සේවා සපයයි. ඊට අමතරව, තිරසර බව සහ නිෂ්පාදන සංවර්ධනය සඳහා RIOCOCO සමාගම සතු කැපවීමද කලාප කිහිපයක් යටතේ ඇගැයීමට ලක් විය. කැනඩාව සහ අමෙරිකා එක්සත් ජනපදයට අදාළව Stevie රන් සම්මානයක්, ආසියාව, ඔස්ට්‍රේලියාව හා නවසීලන්තයට අදාළව තවත් Stevie රන් සම්මානයක්, යුරෝපයට අදාළව රිදී සම්මානයක් සහ මැද පෙරදිග හා අප්‍රිකාවට අදාළව ලෝකඩ සම්මානයක් ඊට ඇතුළත් වේ. RIOCOCO සමාගමේ නිෂ්පාදන සංවර්ධන කණ්ඩායම වසරේ නිෂ්පාදන සංවර්ධන / කළමනාකරණ කණ්ඩායම ලෙස Stevie රන් සම්මානය දිනා ගත්තේය.