Friday, April 18, 2025
More
    Homeළමා ලෝකයළමා ගැබ් ගැනීම්වල වාර්තාගත වර්ධනයක් - හේතු මොනවාද ?

    ළමා ගැබ් ගැනීම්වල වාර්තාගත වර්ධනයක් – හේතු මොනවාද ?

    2024 වසරේ දී ළමා ගැබ්ගැනීමේ සිදුවීම් 213ක් දක්වා ඉහළ ගොස් ඇතැයි පොලිස් ළමා හා කාන්තා අපයෝජන විමර්ශන දිසාව භාර, නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර මහත්මිය පවසන්නීය.

    ඇය වැඩිදුරටත් සඳහන් කළේ 2023 ළමා ගැබ් ගැනීම් 167ක් වාර්තා වූ අතර එය 2024 දී මෙලෙස ඉහළ ගොස් ඇති බවත් 2023 සහ 2024 යන වසර දෙක සංසන්දනය කිරීමේ දී ළමා අපයෝජන සිදුවීම්වල වෙනසක් දක්නට නොලැබෙන බව නියෝජ්‍ය පොලිස්පතිවරිය වැඩිදුරටත් පැවසුවාය.

    “වසර දෙකේ දත්ත බලන කොට කැපී පෙනෙන අඩුවීමක් හේ වැඩිවීමක් දක්නට ලැබෙන්නේ නෑ. උදාහරණයක් විදියට ලංකාවේ වැඩිපුරම වාර්තා වෙන්නේ, ලිංගික අපයෝජන. එකෙදි අවුරුදු 16ට අඩු ප්‍රේමසම්බන්ධතාවය මත සිදුවන ස්ත්‍රී දුෂණය තමා වැඩියෙන්ම වාර්තා වෙන්නේ. ඒ කියන්නේ කැමැත්ත මත සිදුවන දෙයක්. ඒවැනි සිදුවීම් 2023 දී 1,237ක් සහ 2024 වසරේ දී 1,254ක් වාර්තා වෙලා තියෙනවා. නමුත් ළමා ගැබ් ගැනීම් 2023 දී 167ක් වූ අතර 2024 වසරේ දී එය 213ක් දක්වා වැඩිවෙලා තියෙනවා. මෙතෙන දරුවෙක් වින්දිතභාවයට පත්වෙනවා වගේම ඉපදෙන දරුවාත් වින්දිත තත්ත්වයට පත්වෙනවා. මේ දරුවා බොහෝවිට අධ්‍යාපන කේෂ්ත්‍රයෙන් බොහෝවිට ඉවත්වෙනවා. මේ තත්ත්වය විශේෂයෙන් කතා කළ යුතුයි.” නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර මහත්මිය අවධාරණය කළාය.

    RELATED ARTICLES
    - Advertisment -
    Google search engine

    Most Popular

    Recent Comments