Tuesday, October 14, 2025
More
    Homeඅධ්‍යාපන හා වෘත්තීයශ‍්‍රී ලාංකීය සිසුන්ගේ විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කිරීම සඳහා NDB - ACH...

    ශ‍්‍රී ලාංකීය සිසුන්ගේ විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කිරීම සඳහා NDB – ACH සමඟ හවුල්වේ

    ශ‍්‍රී ලාංකිකයන්ගේ සැබෑ ජීවිත අභිලාෂයන් සාක්ෂාත් කරගැනීම අරමුණු කරමින් සකස් කරන ලද විවිධ මූල්‍ය විසඳුම් හරහා ඔවුන් සවිබල ගැන්වීම සඳහා වන අඛණ්ඩ කැපවීම තහවුරු කරමින්, NDB බැංකුව පසුගිය දා ප‍්‍රමුඛ ජාත්‍යන්තර අධ්‍යාපන උපදේශන ආයතනයක් වන ACH Education සමඟ අවබෝධතා ගිවිසුමකට (MOU) එලඹිණි. මෙම උපායමාර්ගික සහයෝගීතාවයේ මූලික අරමුණ වන්නේ ශ‍්‍රී ලාංකික සිසුන් සඳහා විදේශ අධ්‍යාපන ක‍්‍රියාවලිය විධිමත් කිරීම, ඔවුන්ට අවශ්‍ය පුළුල් මූල්‍ය සහ උපදේශන සහාය ලබා දීම මඟින් එම සිසුන්ගේ විදේශ අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව සිදු කරගැනීම සඳහා සහාය වීමයි.

    නිල ගිවිසුම් අත්සන් කිරීමේ උත්සවය ආයතන දෙකෙහිම ජ්‍යෙෂ්ඨ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් සිදු විය. NDB බැංකුව වෙනුවෙන් සහකාර උප සභාපති – ප‍්‍රිවිලේජ් බැංකුකරණය, ගිහාන් පුංචිහේවා මහතා අත්සන් කළ අතර, ACH Education නියෝජනය කරමින් එම ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ චානකා පලිහක්කාර මහත්මිය සහභාගී විය.

    ජාත්‍යන්තර අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ දශකයකට ආසන්න පළපුරුද්දක් ඇති ACH අධ්‍යාපන ආයතනය,  ඕස්ටේ‍්‍ර‍්‍රලියාව, එක්සත් රාජධානිය, නවසීලන්තය, කැනඩාව සහ යුරෝපය පුරා සිටින ශ‍්‍රී ලාංකික සිසුන් දහස් ගණනකට ඔවුන්ගේ විදේශීය අධ්‍යාපන සිහින සැබෑ කරගැනීම සඳහා සාර්ථකව මඟ පෙන්වමින් සිටී. විශේෂඥ උපදේශන සේවාව හරහා විදේශීය විශ්ව විද්‍යාලයකට ඇතුළත් වීම සහ වීසා ඉල්ලූම් කිරීමේ සිට එම ක‍්‍රියාවලිය අවසානය දක්වාම සේවය සලසන, විදේශ අධ්‍යාපනයේ විශ්වාසදායක හවුල්කරුවෙකු ලෙස ACH  ආයතනය කීර්තිය හිමිකරගෙන ඇත.

    මෙම හවුල්කාරිත්වය හරහා, NDB බැංකුව අධ්‍යාපන ණය පහසුකම් ලබාදීම, විදේශ පේ‍්‍රෂණ සහ විදේශයන්හි අධ්‍යාපනය ලැබීමට අත්‍යවශ්‍ය අනෙකුත් ආධාරක සේවාවන් ඇතුළු විවිධ බැංකුකරණ විසඳුම් ලබා දීම මඟින් විදේශ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීම සඳහා සිසු සිසුවියන් සඳහා අවශ්‍ය පහසුකම් සලසනු ඇත. NDB බැංකුවේ සුවිශේෂී මූල්‍ය විශේෂඥතාව, ACH ආයතනයේ ගෝලීය අධ්‍යාපන උපදේශන සේවා සමඟ ඒකාබද්ධ කිරීමෙන්, සිසුන්ට සහ ඔවුන්ගේ පවුල් වලට ජාත්‍යන්තර අධ්‍යාපන කටයුතු සැලසුම් කිරීම සහ අවශ්‍ය කරන අරමුදල් සපයා ගැනීම සඳහා ඒකාබද්ධ සහ බාධා වලින් තොර සේවාවක් ලබාදීම අපේක්ෂා කෙරේ.

    මෙම හවුල්කාරීත්වය පිළිබඳව අදහස් දක්වමින් ගිහාන් පුංචිහේවා මහතා මෙසේ පැවසීය, ‘‘ජාත්‍යන්තර අධ්‍යාපනය හැදෑරීම ජීවිතයේ වටිනා සන්ධිස්ථානයක් ලෙස සැළකිය යුතු ආයෝජනයක් බව අපි තේරුම් ගෙන ඇත්තෙමු. NDB බැංකුවේ අපි, මෙම ගමනේදී අවශ්‍ය වන මූල්‍ය විසඳුම් ලබා දෙමින් විදේශීය අධ්‍යාපනය හැදෑරීමේ අපේක්ෂාවෙන් පසුවන සිසුන් සහ ඔවුන්ගේ පවුල් වල සිහින සාක්ෂාත් කරගැනීම සඳහා දායක වීමට ලැබීම පිළිබඳව අපි ඉතා ආඩම්බර වන්නෙමු. ACH අධ්‍යාපන ආයතනය සමඟ හවුල් වීමෙන් එම වටිනා අභිලාෂය ජයගැනීම සඳහා සහාය වීමට අපට අවස්ථාව හිමි වෙයි.’’

    මෙම සුවිශේෂී මුලපිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස, NDB බැංකුව මෑතකදී ACH අධ්‍යාපන ආයතනය සමඟ සම්බන්ධ වී ‘දේශසීමා වලින් තොර ඉගෙනීමේ ලෝකයට පියවර තබන්න’ යන තේමාව යටතේ වෙබ්නාර් වැඩමුළුවක් පවත්වන ලදී. බැංකුවේ   ගනුදෙනුකරුවන් 50 කට අධික පිරිසක් සහභාගී වූ මෙම සැසිය ACH අධ්‍යාපන ආයතනයේ නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ චානකා පලිහක්කාර මහත්මිය විසින් මෙහෙයවන ලදී. ගෝලීය අධ්‍යාපන අවස්ථාවන් පිළිබඳ දැනුවත්වීම සඳහා වටිනා අවස්ථාවක් ලෙස මෙම වැඩමුළුව පැවැත්වුණු අතර විදේශයන්හි අධ්‍යාපනය ලබන සිසුන්ගේ මූල්‍ය අවශ්‍යතා සපුරාලන බැංකුකරණ සේවාවක් වන NDB බැංකුවේ Student File පිළිබඳවද පිරිස දැනුවත් කරන ලදී.

    සාම්ප‍්‍රදායික බැංකුකරණ සේවාවලින් ඔබ්බට ගොස් අගය එකතු කළ සේවාවන් ලබා දීම සඳහා NDB බැංකුව සිය හවුල්කාරිත්ව ජාලය තවදුරටත් පුළුල් කරමින්, තම මෙහෙවර අඛණ්ඩව සිදු කරගෙන යයි. ACH අධ්‍යාපන ආයතනය සමඟ ඇති කරගත් හවුල්කාරිත්වය හරහා මෙම කැපවීම පෙන්නුම් කරන අතර, විදේශීය අධ්‍යාපනය බාධාවකින් තොරව ලබා දීමෙන් ශ‍්‍රී ලාංකිකයන්ගේ ඊළඟ පරම්පරාවට දේශසීමා ඉක්මවා යන සිහින ජය ගැනීමට සිය සහායද ලබා දෙයි.

    NDB බැංකුව ශ‍්‍රී ලංකාවේ හතරවන විශාලතම ලැයිස්තුගත වාණිජ බැංකුවයි. 2024 වසරේ විශිෂ්ටත්වය සඳහා වූ Euromoney සම්මාන උළෙලේදී NDB බැංකුව ශ‍්‍රී ලංකාවේ හොඳම ආයතනික බැංකුව ලෙස නම් කරන ලද අතර Asian Banking and Finance Magazine (සිංගප්පූරුව) 2024 සම්මාන උළෙලේදී ශ‍්‍රී ලංකාවේ හොඳම දේශීය පෞද්ගලික බැංකුකරණ බැංකුව ලෙස සහ ශ‍්‍රී ලංකාවේ  වසරේ දේශීය ව්‍යාපෘති මූල්‍යකරණ බැංකුව  ලෙස ද NDB සම්මානයට පාත‍්‍ර විය. NDB බැංකුව යනු ප‍්‍රාග්ධන  වෙළඳපොල අනුබද්ධ සමාගම් වලින් සමන්විත NDB සමූහයේ මව් සමාගම වන අතර, අද්විතීය බැංකු සහ ප‍්‍රාග්ධන වෙළඳපල සේවා සමූහයකින් සමන්විත වේ. ඩිජිටල් බැංකු විසඳුම් මගින් බල ගැන්වෙන අර්ථවත් මූල්‍ය සහ උපදේශන සේවා හරහා ජාතිය සහ එහි ජනතාව සවිබල ගැන්වීමට NDB බැංකුව නිබඳවම කැපවී සිටී.

    RELATED ARTICLES

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisment -
    Google search engine

    Most Popular

    Recent Comments