පහසු ව්‍යායාමයකින් කිලෝ 130කින් හරි අඩක් අඩුකර ගත් කාන්තාවක් කළ හෙළිදරව්ව
ඉන්දියානු කාන්තාවක් තම බර අඩුකරගත් ගමන සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කරගනිමින් එක් දෙයක් කිරීමෙන් තමන් බර කිලෝග්‍රෑම් 65ක් අඩුකරගත් ආකාරය විස්තර කර තිබෙනවා. බර අඩු කර ගැනීම සඳහා යමෙකු පුහුණු කළ යුතු පහසුම ව්‍යායාමය මෙයයි.
වර්තමානයේ මිනිසුන් ඔවුන්ගේ බර අඩු කර ගැනීමේ ගමන විවෘතව සමාජ මාධ්‍යවල බෙදා ගනී. Nonu / නෝනු නම් ඉන්දියානු ඩිජිටල් නිර්මාපකයෙකු Nonuphille නම් Instagram පිටුවෙහි ඇගේ බර අඩු කර ගැනීමේ ගමන රසිකයන් සමඟ බෙදාගෙන ඇත. ඇය එක් දෙයක් කිරීමෙන් ඇගේ බර කිලෝග්‍රෑම් 65 ක් අඩු කර ඇති බව පවසයි.
නෝනු කිලෝග්‍රෑම් 130ක් බර කාන්තාවක් වූ නමුත් මේ වන විට ඇය කිලෝග්‍රෑම් 64ක යෝග්‍ය කාන්තාවක් බවට පත්ව ඇත. ඔව්, නෝනූගේ බරින් හරි අඩක් විතර අඩුවෙලා. නෝනු බර අඩුකර ගැනීම සඳහා ඇවිදීමට යොමු වූ අතර ඇය අපේක්ෂා කළ පරිදි ම ඇගේ බර අඩු කර ගත්තාය. නෝනු මෙම අසීරු අභියෝගය ජගත්තේ කොහොමද කියලා මෙතැන් සිට දැනගමු.
නෝනුගේ බර අඩු වී ඇත්තේ හෘද ව්‍යායාම / cardio exercises කිරීමෙන් පමණි. අධික බර නිසා නෝනුට ඇවිදීමට අපහසු විය. එහෙත් ඇවිදීමෙන් තරබාරු බව අඩුකර ගැනීමට ඇය තීරණය කළාය. ඇවිදීම හෝ දිවීම වැනි ඕනෑම ව්‍යායාමයක් මේ සඳහා යෝග්‍ය බව ඇය පෙන්වා දී ඇත.
‘ඔවුන්ගේ හද ගැස්ම වැඩි කරන ඕනෑම දෙයක් කළ හැකියි‘ නෝනු රසිකයින්ට උපදෙස් දෙයි.
අධික බර නිසා වැඩි දුරක් ඇවිදීමට නොහැකි වූ ආකාරය නෝනු වීඩියෝවේ විස්තර කර තිබුණාය. පළමු දිනයේ මීටර් 700ක් පමණක් පයින් යාමට හැකි වූ ඇයට පසුදින මීටර් 1000ක් ඇවිදීමට හැකි වූවා ය. නෝනු පවසන්නේ ඇඟේ බර වැඩි නිසා දිවීම කළ නොහැකි බවය. එතරම් බරැති සිරුරක් ඇතිව වැඩිපුර ඇවිදීම සන්ධිවලටද සෞඛ්‍ය සම්පන්න නොවන බව ඇය දැන සිටියාය.
නමුත් ක්‍රමක්‍රමයෙන් දුර වැඩි කරමින් ඇය ඇවිදීමට පටන් ගත් අතර ඇය එම අභියෝගය ද ජය ගත්තා ය.
සෞඛ්‍ය විශේෂඥයින් මොකද කියන්නේ ?
සෞඛ්‍ය ප්‍රවීණයන් පවසන පරිදි, වැඩි කැලරි සහ මේදය දහනය කිරීමට හොඳම ව්‍යායාමය ‘හෘද ව්‍යායාම‘ / cardio workouts වේ. ඔබේ හෘද ස්පන්දනය වැඩි වන විට, ඔබ වැඩිපුර කැලරි දහනය කරන අතර මෙය හෘද ව්‍යායාම වලදී වැඩිපුරම සිදු වේ. කෙසේ වෙතත්, ශක්තිමත් පුහුණුව අඩු කැලරි දහනය කළ හැකි නමුත් එය ඔබේ ශරීරයට සහ මාංශ පේශිවලට හැඩයක් ලබා දෙයි. බර අඩු කර ගැනීමට හොඳම ක්‍රමය වන්නේ මේදය දහනය කර මාංශ පේශි ගොඩනැගීමයි. එම නිසා, ශක්තිය පුහුණු කිරීම strength training සහ හෘද අභ්‍යාස / cardio exercise sයන දෙකම කිරීම ප්‍රයෝජනවත් වේ.