Lanka Business TV “Entrepreneur” ව්‍යාපාර සහ ආයෝජන සමුළුව පසුගියදා කුරුණෑගල “The Epitome” හෝටලයේදී ව්‍යවසායකයින් සහ ව්‍යවසායකත්වයට උනන්දුවක් දක්වන විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පසුගිය දා පැවැත්විණි.
මෙම සම්මන්ත්‍රණයේදී අදහස් දැක්වූ Lanka Business TV නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී ජයන්ත කෝවිලගොඩගේ මහතා පැවසුවේ ඉදිරියේදී මෙවැනි ව්‍යාපාරික සහ ආයෝජන සමුළු ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල පැවැත්වීමට සැලසුම් කර ඇති බවත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ක්ෂේත්රය නංවාලීම සඳහා එවැනි දැනුවත් කිරීම් සිදු කරන බවත්ය.
‘එය දැන් ජාතික අවශ්‍යතාවයක් බවට පත්ව තිබෙනවා’ ඔහු වැඩි දුරටත් පැවසුවේ ය.
මෙහි ප්‍රධාන දේශනය ලංකා ටයිල්ස් කළමනාකාර අධ්යක්ෂ සහ ව්‍යවසායක මහේන්ද්‍ර ජයසේකර මහතා විසින් පවත්වන ලද අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාල කළමනාකාර N.A. අරුණ විජේසිරි මහතා “ආයෝජන අවස්ථා හඳුනා ගනිමු. අපචාර පිටු දකිමු – දැනට වර්ධනය වන වංචනික ආයෝජන මොනවාද? ඔවුන්ගෙන් මිදෙන්නේ කෙසේද? / Let’s Identify Investment Opportunities. Let’s Eliminate Abuses”. What are the fraudulent investments that are currently growing? How to get rid of them?” යන මැයෙන් ඉතා වැදගත් දේශනයක් පවත්වන ලදී.
එසේම NDB Wealth Management ප්‍රධාන විධායක නිලධාරී රුවන් පෙරේරා මුදල් වෙළෙඳපොළ අරමුදල්, කොටස් වෙළෙඳපොළ සහ ඒකක භාරවල ආයෝජනය කර ඉහළ ප්රතිලාභ ලබා ගන්නා ආකාරය පැහැදිලි කළ අතර, අන්තර්ජාලය හරහා ඩොලර් උපයන ආකාරය පිළිබඳ අන්තර්ජාල ව්‍යවසායක ජනිත් වික්‍රමසිංහගේ දේශනය බොහෝ දෙනාගේ ආකර්ෂණය දිනා ගත්තේය.
LankaPay Ltd. Global Operations ජ්‍යෙෂ්ඨ කළමනාකාර හර්ෂ ද සිල්වා මහතා මෙම සමුළුවේදී ගනුදෙනු ඩිජිටල්කරණය ඔබේ ව්‍යාපාරය වර්ධනය කර ගැනීමට උපකාරී වන ආකාරය පැහැදිලි කළේය.
Lanka Business TV කුරුණෑගල ව්‍යාපාරික හා ආයෝජන සමුළුවට සහභාගී වූ ව්‍යවසායකයින් පැවසුවේ මෙම සමුළුව ඉතා හොඳින් සංවිධානය කර තිබූ බවත් එයින් බොහෝ දේ ඉගෙන ගැනීමට හැකි වූ බවත්ය.
සමුළුවට සහභාගි වූ එක් අයෙකුට මැලේසියාවේ ක්වාලාලම්පූර් වෙත ප්‍රවේශ පත්‍රයක් දිනා ගැනීමේ අවස්ථාව ද හිමි විය.