ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මීළඟ පරිපාලනයේ ධවල මන්දිර මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කිරීම සඳහා ඔහුගේ ප්‍රචාරක ප්‍රකාශිකා 27 හැවිරිදි කැරොලයින් ලෙවිට් / Karoline Leavitt තෝරා ගෙන ඇත.
මේ අනුව ලෙවිට් එක්සත් ජනපද ඉතිහාසයේ ලාබාලතම ධවල මන්දිර මාධ්‍ය ලේකම් වනු ඇත.
ප්‍රථම ට්‍රම්ප් පාලන සමයේදී ධවල මන්දිර මාධ්‍ය කාර්යාලයේ ද සේවය කළ ලෙවිට් වරක් කොන්ග්‍රසයේ අපේක්ෂිකාවක ද වූවා ය.
“කැරොලයින් දක්ෂ, දැඩි, සහ ඉතා ඵලදායී සන්නිවේදකයෙකු බව ඔප්පු කර තිබෙනවා” ට්‍රම්ප් පැවසීය.
නිව් හැම්ප්ෂයර් හි උපන් ලෙවිට් ඇගේ උපන් ප්‍රාන්තයේ කතෝලික විද්‍යාලයක් වන ශාන්ත ඇන්සල්ම් විද්‍යාලයේ සන්නිවේදන සහ දේශපාලන විද්‍යාව හැදෑරුවාය.
ඇය පාසල් වියේදීම Fox News හි සහ ට්‍රම්ප්ගේ ධවල මන්දිරයේ මාධ්‍ය කාර්යාලයේ සේවය කළාය. ඇය 2020 දී Politico වෙත පැවසුවේ මෙම අත්දැකීම් තුළින් ඇය “පුවත්පත් ලෝකය පිළිබඳ පළමු බැල්ම” ලබා ගත් බවයි. පුවත්පත් සම්බන්ධතා වෘත්තියක් කිරීමට ඇය තීරණය කිරීමට ඒවා හේතු වූ බව ඇය පැවසුවාය.
ලෙවිට් 2019 දී උපාධිය ලැබීමෙන් ටික කලකට පසු ට්‍රම්ප්ගේ ධවල මන්දිරය මාධ්‍ය කාර්යාලයේ සේවය කළාය. ඇය පළමුව මාධ්‍ය නිලධාරිනියක / press office ලෙස සහ පසුව සහකාර මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කළා ය.
“මම මාධ්‍ය ලේකම් Kayleigh McEnany සමග සමීපව කටයුතු කළා. ඒ අතර පක්ෂග්‍රාහී ප්‍රධාන ධාරාවේ මාධ්‍යයට එරෙහිව සටන් කළෙමි,” ඇය ප්‍රකාශ කළාය.
ධවල මන්දිරයෙන් පිටව ගිය පසු, ලෙවිට්, එක්සත් ජාතීන්ගේ තානාපතිවරයා ලෙස සේවය කිරීමට නම් කර ඇති රෙප් එලිස් ස්ටෙෆනික්ගේ සන්නිවේදන අධ්‍යක්ෂ ලෙස සේවය කළාය.
2022 දී නිව් හැම්ප්ෂයර් හි පළමු කොන්ග්‍රස් දිස්ත්‍රික්කය සඳහා රිපබ්ලිකන් නාමයෝජනා දිනා ගනිමින් ඇය කොන්ග්‍රසයට තරඟ කිරීම සඳහා එම භූමිකාවෙන් ඉවත් වූ නමුත් පසුව මහ මැතිවරණයේදී ඩිමොක්‍රටික් පාක්ෂික ක්‍රිස් පපාස්ට පරාජය වූවාය.
ඇය සිය ප්‍රචාරක වෙබ් අඩවියේ ලැයිස්තුගත කර ඇති ප්‍රතිපත්තිමය ස්ථාවරයන් බොහෝ දුරට ට්‍රම්ප්ගේ ප්‍රමුඛතා බොහොමයක් සමඟ සමපාත වේ. ආර්ථිකය සම්බන්ධයෙන්, ඇය “බදු කපා හැරීමට” සහ “වර්ධන ගැති, නිදහස් වෙළඳපොළ ප්‍රතිපත්ති සඳහා” ප්‍රතිඥා දුන්නාය.
“නීතිවිරෝධී සංක්‍රමණ සඳහා ZERO tolerance” ඇතුළුව, නීතිය ක්‍රියාත්මක කිරීමේ සහ ශක්තිමත් දේශසීමා වල ප්‍රබල අනුග්‍රාහකයෙකු ලෙස ඇය පෙනී සිටි අතර දේශසීමා තාප්පය නිම කිරීම සහතික කිරීමට තමා කටයුතු කරන බව පැවසුවාය.
2024 ජනවාරි මාසයේදී ඇය ට්‍රම්ප්ගේ එක්සත් ජනපද ජනාධිපති ධුරය සඳහා වූ ප්‍රචාරක ව්‍යපාරයේ මාධ්‍ය ලේකම් ලෙස සම්බන්ධ වූවාය.
දැන් ඇය එක්සත් ජනපද ඉතිහාසයේ ලාබාලතම ධවල මන්දිර මාධ්‍ය ලේකම් ලෙස සේවය කිරීමට තෝරාගෙන ඇත.
ට්‍රම්ප්ගේ පළමු පරිපාලනයේ මාධ්‍යවේදීන් සහ නිලධාරීන් අතර අසංඛ්‍යාත ආතති හුවමාරුවලට තුඩු දුන් අවකාශයක් වන ධවල මන්දිරයේ සාකච්ඡා කාමරයේ වේදිකාව පිටුපස ඇති සංකේතාත්මක ස්ථානයේ මහජනතාවට ඉක්මනින් ලෙවිට් පෙනෙනු ඇත.
බී.බී.සී ඇසුරිනි