Homeකලා ලොවේ රස කතාHumaira Asghar Ali: පාකිස්ථාන සුපිරි නිළියගේ නරක් වූ මළ සිරුර සති දෙකක්...

Humaira Asghar Ali: පාකිස්ථාන සුපිරි නිළියගේ නරක් වූ මළ සිරුර සති දෙකක් මහල් නිවාසයේ

පකිස්ථාන සුපිරි නිළි හුමයිරා අස්ගාර් අලිගේ / Humaira Asghar Ali මෘත දේහය ඇය වාසය කළ මහල් නිවාසය තුළ තිබී සොයා ගත් බව කරච්චි පොලිසිය පවසයි.

පොලිසියට අනුව සිරුර තරමක් නරක් වී තිබූ අතර ඇය සති දෙකකට පෙර මිය ගොස් ඇති බව විශ්වාස කෙරේ.

හුමයිරා පකිස්ථානයේ රියැලිටි වැඩසටහනක් වන Tamasha Ghar සහ ඇගේ වඩාත් ජනප්‍රිය චිත්‍රපටය වන Jalaibee හි කළ විශිෂ්ඨ රංගනය නිසා වඩාත් ප්‍රසිද්ධයට පත්වූවා ය.

කරච්චියේ ඉත්තෙහාඩ් කොමර්ෂල් හි මහල් නිවාසයක හුමයිරා ජීවත් විය. ඇගේ මළ සිරුර මෙම මහල් නිවාසයේ තිබී සොයා ගෙන ඇත. පොලිසියට අනුව ඇයගේ මළ සිරුර තරමක් නරක් වී තිබූ අතර පොලිසිය අගුල කඩා නිවසට ඇතුළු වූ බව පොලිසිය පැවසීය. හුමයිරා සති දෙකකට පමණ පෙර මිය යන්නට ඇතැයි විශ්වාස කෙරේ.

හුමයිරාගේ වයස අවුරුදු 30 ත් 35 ත් අතර බව පැවසේ. ඇය කරච්චි මහල් නිවාසයේ වසර හතක් ජීවත් වූවාය.

පොලිස් වාර්තාවට අනුව, හුමයිරාගේ මරණය ස්වාභාවික මරණයක් ලෙස සලකනු ලබන අතර විමර්ශනය තවමත් සිදුවෙමින් පවතී.

හුමයිරා අස්ගාර් අලිගේ මරණයෙන් පසු, කටකතා වලින් වළකින ලෙස පොලිසිය ජනතාවට උපදෙස් දී ඇති අතර, ඇයගේ මරණය පිළිබඳ විමර්ශනය තවමත් සිදුවෙමින් පවතින බව ද පැවසීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments