Wednesday, January 22, 2025
More
    HomeSMEs Guideමුදල් අමාත්‍යාංශය SMEs ණය සහන පැකේජය එළිදක්වයි

    මුදල් අමාත්‍යාංශය SMEs ණය සහන පැකේජය එළිදක්වයි

    • CBSL, SLBA, SME අංශ නියෝජිතයින් සහ අදාළ රාජ්‍ය ආයතන සමඟ සහයෝගයෙන් පැකේජය සංවර්ධනය කරන ලදී
    • බැංකු අංශයේ ස්ථාවරත්වය සහතික කරන අතරම බලපෑමට ලක් වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා හුස්ම ගැනීමේ අවකාශය ලබා දීම සඳහා දිගු කාලීන ඉදිරි දර්ශනයකින් මෙම සහන පැකේජය සකස් කර ඇති බව සහතික කරයි.
    • 3 වන අදියර ලෙස වර්ගීකරණය කර ඇති බලපත්‍රලාභී බැංකුවකින් ණය පහසුකම් ලබා ගත් SMEs (2019/01/01 හෝ ඊට පසු, සහ 31/ 3/ 2025 හෝ ඊට පෙර අදාළ සහන බැංකු ඒකකය සමඟ සාකච්ඡා ආරම්භ කරන ව්‍යවසායකයින්) පැකේජය සඳහා සුදුසුකම් ලබයි.

    කොවිඩ් – 19 වසංගතයෙන් පසු ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් ණය ගෙවීමේ දුෂ්කරතාවලට මුහුණ දී සිටින කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායකයින් (small and medium-sized enterprises – SMEs) සඳහා සහන පැකේජයක් පිළිබඳ විස්තර මුදල් අමාත්‍යාංශය විසින් ඊයේ (17) ප්‍රකාශයට පත් කර ඇත. මෙම සහන පැකේජය කොවිඩ් -19 වසංගතයෙන් සහ ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් වූ කුඩා සහ මාධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහනයක් වනු ඇති බව විශ්ලේකයෝ පෙන්වා දෙති.

    මෙම පැකේජය ශ්‍රී ලංකා මහ බැංකුව / Central Bank of Sri Lanka (CBSL), ශ්‍රී ලංකා බැංකු සංගමය /Sri Lanka Banks’ Association, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශයේ නියෝජිතයන් සහ අදාළ රාජ්‍ය ආයතන සමඟ සහයෝගයෙන් සංවර්ධනය කර ඇත.

    බැංකු අංශයේ ස්ථාවරත්වය සහතික කරමින්, බලපෑමට ලක් වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට (SMEs) හුස්ම ගැනීමේ අවකාශය ලබා දීම සඳහා දිගු කාලීන ඉදිරි දර්ශනයකින් මෙම පියවර සකස් කර ඇති බවට මුදල් අමාත්‍යාංශය සහතික විය.

    ඒ අනුව, 2019 අප්‍රේල් 1 වැනිදා හෝ ඊට පසුව 3 වැනි අදියර (අක්‍රිය නොවන ණය – Non-Performing Loans NPL) ලෙස වර්ගීකරණය කර ඇති බලපත්‍රලාභී බැංකුවකින් ණය පහසුකම් ලබාගත් SMEs සහ 2025 මාර්තු 31 හෝ ඊට පෙර අදාළ සහන බැංකු ඒකකය සමඟ සාකච්ඡා ආරම්භ කරන අවශ්‍ය සියලුම ලියකියවිලි ඉදිරිපත් කිරීමට යටත්ව, පැකේජය සඳහා සුදුසුකම් ලබයි.

    2024 දෙසැම්බර් 15 වන විට ණය පහසුකම්වල සමස්ත ප්‍රාග්ධන හිඟය (capital outstanding of credit facilities) මත පදනම්ව කාණ්ඩ තුනක් යටතේ විශේෂිත සහන ක්‍රියාමාර්ග /Specific relief measures යෝජනා කර ඇත.

    සාමාන්‍ය සහන / Under general relief, යටතේ, 1990 අංක 4 දරන බැංකු (විශේෂ විධිවිධාන) පනත සංශෝධනය කිරීමෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට පුනර්ජීවන සැලැස්මකට ඇතුළු වීමට ඉඩ සලසමින් නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කිරීම 2025 මාර්තු 31 දක්වා දීර්ඝ කෙරේ. කාරක ප්‍රාග්ධන ණය (working capital loan) සහනය ලබාදීම ඔවුන්ගේ ආපසු ගෙවීමේ හැකියාවට යටත්ව සහ විශ්වාසනීය ව්‍යාපාර පුනර්ජීවන සැලැස්මක් ඉදිරිපත් කිරීම හා  ඔවුන්ගේ පූර්ව-අර්බුද මෙහෙයුම් තත්ත්වයට ඔවුන්ව නැවත ඉහළ නැංවීම සඳහා එක් එක් සිද්ධිය අනුව සිදුවනු ඇත.

    නුසුදුසු ණය තොරතුරු කාර්යාංශයේ (adverse Credit Information Bureau – CRIB) වාර්තාවක් සුදුසුකම් ලත් ණය ගැතියන්ගෙන් ණය අයදුම්පත් ප්‍රතික්ෂේප වීමට එකම හේතුව නොවිය යුතුය. බලපත්‍රලාභී බැංකු, CRIB සමඟ සාකච්ඡා කර, මෙම සහනය යටතේ ප්‍රතිව්‍යුහගත ණය පහසුකම් සඳහා සුදුසු වාර්තාකරණ ක්‍රමයක් සකස් කළ හැකිය. තව ද, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට තම ණය පහසුකම්වල ප්‍රාග්ධනය, පොලී සහ අනෙකුත් ගාස්තු වලට සහන ඉල්ලා සිටිය හැකිය.

    විශේෂිත සහ සාමාන්‍ය සහන ක්‍රියාමාර්ගවලට අමතරව, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශයට සුමටව ක්‍රියාත්මක කිරීම සහ උපරිම ප්‍රතිලාභ සහතික කිරීම සඳහා අමතර පියවර කිහිපයක් පැකේජයට ඇතුළත් කිරීමේ හැකියාව ගවේෂණය කරන ලෙස මුදල් අමාත්‍යාංශය මහ බැංකුවෙන් ඉල්ලා ඇත.

    පළමුවැන්න රුපියල් මිලියන 50ට අඩු ප්‍රතිව්‍යුහගත ණය  / restructured loans සඳහා සාධාරණ පොලී අනුපාතයක් / reasonable interest rate හඳුන්වා දීමයි. සාමාන්‍ය බරැති ප්‍රයිම් ණය අනුපාතිකයේ (Average Weighted Prime Lending Rate – AWPR) උපරිමයකට සහ සාධාරණ ආන්තිකයකට යටත්ව එය සිදුකළ හැකිය.

    දෙවැන්න නම්, අගතියට පත් පාර්ශ්වයන් සඳහා දුක්ගැනවිලි හැසිරවීමේ ක්‍රියාවලියකට යටත්ව, උපරිම ණය ආපසු ගෙවීමේ කාලය වසර 10ක් (මුල් ගිවිසුමෙන් දීර්ඝ කාලයක් ලබා දී නොමැති නම්) දක්වා දීර්ඝ කිරීමයි.

    තෙවැන්න අදාළ බැංකුවල “ව්‍යාපාර පුනර්ජීවන ඒකක / Business Revival Units” “සහන බැංකු ඒකක / Relief Banking Units” ලෙස නැවත නම් කිරීමයි.

    තවද, යෝජිත සහන කාලසීමාව තුළ ඇති නඩු සඳහා සියලුම නීතිමය ක්‍රියාමාර්ග අත්හිටුවීමට නියමිතය: ඒ අනුව රුපියල් මිලියනට 25ට ට අඩු ණය සඳහා මාස 12ක්, රුපියල මිලියන 25ක් සහ රුලියල මිලියන 50ක් අතර ණය සඳහා මාස 09ක සහන කාලයක්,  රුපියල් මිලියන 50ට වැඩි ණය සඳහා මාස 06ක සහන කාලයක් ලබාදීමට නියමිතය. දැනටමත් සැලසුම් කර ඇති දින හැර අදාළ කාණ්ඩවල අක්‍රිය නොවන ණය (Non-Performing Loans – NPL) ණය සම්බන්ධ නීතිමය ක්‍රියාදාමයන් සම්පූර්ණයෙන්ම අත්හිටුවීම ඇතුළුව මෙම සහනය ලබාදීමට නියමිත ය.

    අවසාන වශයෙන්, බැංකු සහ ණය පැහැරහරින්නා අතර දේපළක් වෙන්දේසි කිරීම සඳහා තක්සේරු කිරීම සම්බන්ධයෙන් ආරවුලක් ඇති වුවහොත්, ණය ගැනුම්කරුගේ දේපළ එහි වටිනාකම උපරිම කිරීම සඳහා හැකි ඉහළම මිලට වෙන්දේසි කිරීම සහතික කිරීම සඳහා විනිවිද පෙනෙන යාන්ත්‍රණයක් ස්ථාපිත කළ යුතුය.

    මේ අතර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශයට සහාය වීම සඳහා අතිරේක ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ලෙස, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව ප්‍රතිපත්ති සංවර්ධනය සඳහා කර්මාන්ත අමාත්‍යාංශයේ නායකත්වය යටතේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා උපදේශක කමිටුවක් පිහිටුවන ලෙස මුදල් අමාත්‍යාංශය ඉල්ලා සිටියේය. මෙම කමිටුව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශයේ සංවර්ධනය සඳහා විවිධ ආයතන යටතේ අදාළ සියලුම පාර්ශ්වකරුවන් එකම කුඩයක් යටතට ගෙන ඒම සඳහා මගපෙන්වීම සහ සම්බන්ධීකරණය කරනු ඇත.

    කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට මූල්‍ය වෙත ප්‍රවේශ වීමේ හැකියාව ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය (Institute of Chartered Accountants of Sri Lanka – ICASL) සහ අනෙකුත් වෘත්තීය ගිණුම්කරණ ආයතන සමඟ සහයෝගීතාවයෙන් ලකුණු කාඩ්පත්/ශ්‍රේණිගත කිරීමේ යාන්ත්‍රණයක් හඳුන්වා දීමේ අවශ්‍යතාවය මුදල් අමාත්‍යාංශය ඉල්ලා සිටියේය.

    අවසාන වශයෙන්, 2025 ජනවාරි සිට මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිත සීමාසහිත ජාතික ණය ඇපකර ආයතනය (National Credit Guarantee Institution Limited NCGIL) සමඟ එක්ව බැංකු ණය ලබා ගැනීමේ ඇපකර ගැටලු සමනය කරමින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ බැංකු ණය සඳහා ණය ඇපකර ලබා දීමෙන් උපස්ථ සහාය ලබා දීමට ද මුදල් අමාත්‍යාංශය යෝජනා කළේය.

    2019 අප්‍රේල් 1 සිට 2024 සැප්තැම්බර් 30 දක්වා කාලය සඳහා SMEs ණය ලිපිගොනු 490,000ක සමස්ත නොගෙවූ ණය ප්‍රමාණය දළ වශයෙන් රුපියල් බිලියන 886ක් (බැංකු කර්මාන්තයේ 3 අදියර ණය (NPL) ලෙස වර්ග කර ඇත. 3 වන අදියර යටතේ වර්ගීකරණය කර ඇති ණය ප්‍රමාණයෙන් සියයට 99 ක් රුපියල් මිලියන 25ට අඩු ණය ලෙස සැලකේ.

    මෙම ලිපිය හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනය / HARTI විසින්  DevPro Guarantee Limited හි මූල්‍ය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක කරනු ලබන ‘ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ කාන්තා ව්‍යවසායකයින් අතර ධාරිතාව ගොඩනැගීම සහ ජාලකරණය හරහා ව්‍යාපාරික අවස්ථා සහ කර්මාන්ත සම්බන්ධතා ප්‍රවර්ධනය කිරීම’ නම් වැඩසටහන මඟින් ‘ ලබා දෙන ලද ලිපියකි.

    RELATED ARTICLES

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisment -
    Google search engine

    Most Popular

    Recent Comments