Tuesday, October 14, 2025
More
    Homeඅධ්‍යාපන හා වෘත්තීයපීඩාකාරී බවින් තොර අධ්‍යාපනයක් වෙනුවෙන් කැප වෙනවා - ආචාර්ය හරිනී අමරසූරිය

    පීඩාකාරී බවින් තොර අධ්‍යාපනයක් වෙනුවෙන් කැප වෙනවා – ආචාර්ය හරිනී අමරසූරිය

    ඉදිරි පුනරුද යුගයට ගැළපෙන පුරවැසියන් බිහි කිරීමට සමත් සිසු විශ්වසනීයත්වය තහවුරු වූ පීඩාකාරී බවින් තොර අධ්‍යාපනයක් වෙනුවෙන් වත්මන් ශිෂ්‍ය සම්පත මෙහෙයවීමට කැප වෙන බව අද (20)පෙරවරුවේ ‘ඉසුරුපාය’ –  අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී අභිනව රජයේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ අමාත්‍ය ධුරයේ රාජකාරී ආරම්භ කරමින්  අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.

    එහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අගමැතිනිය පැවසුවේ අධ්‍යාපනය වැනි විෂයක් සම්බන්ධ අමාත්‍ය ධුරයක් භාරගැනීමට ලැබීම සම්බන්ධ ව නිහතමානී ව සතුටු වන බවත් එසේ ම එම විෂයේ පවත්නා භාරදූර භාවය ද මැනවින් අවබෝධ කරගෙන සිටින බවත් ය. නව රජයේ ප්‍රතිපත්ති අනුව ඉහළ ප්‍රමුඛත්වයක් අධ්‍යාපනයට ලබා දී ඇති අතර පාසල් අධ්‍යාපනය නිසි ක්‍රමික රටාවකට හා කාලසටහනකට අනුව සාර්ථක ව ක්‍රියාත්මක කළ යුතු බවත් අමාත්‍යවරිය පැවසුවාය. එමගින් දරුවන්ට සතුටින් අධ්‍යාපනය ලැබිය හැකි පරිසරයක් සකස් කර දිය යුතු ව ඇති අතර ඊට අවශ්‍ය වන පරිදි වර්තමානයේ අධ්‍යාපන ක‍්ෂේත්‍රය තුළ පවතින ගැටලු කඩිනමින් නිරාකරණය කළ යුතු ව ඇති බවත් සියලු දෙනාගේ නොමඳ සහාය ඒ වෙනුවෙන් අත්‍යවශ්‍ය බවත් ඇය පෙන්වා දුන්නාය.

    අද දිනයේ දී ම අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් කේ. එම්. ජී. එස් එන්. කලුවැව මහතා ‘ඉසුරුපාය’ අමාත්‍යාංශ පරිශ්‍රයේ දී එම ධුරයේ වැඩ භාරගත් ගත්තේ ය.

    RELATED ARTICLES

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisment -
    Google search engine

    Most Popular

    Recent Comments