Monday, December 29, 2025
More
    Homeව්‍යාපාරිකපියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීමට කොමර්ෂල් බැංකුව රෝස පැහැයෙන් සැරසෙයි

    පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීමට කොමර්ෂල් බැංකුව රෝස පැහැයෙන් සැරසෙයි

    තමන්ගේ ම සේවා ස්ථානය තුළ සහ තමන් සේවය සපයන ප්‍රජාව අතර කාන්තාවන්ට ආරක්ෂිත, සාධාරණ සහ සහයෝගය දක්වන පරිසරයක් නිර්මාණය කිරීම වෙනුවෙන් බැංකුව දක්වන පුළුල් වූ කැපවීමේ කොටසක් ලෙස මෙම සංකේතාත්මක ක්‍රියාව සිදු කෙරිණි. ඔක්තෝබර් මාසය පුරාවට ම කොමර්ෂල් බැංකු ශාඛාවල කාර්ය මණ්ඩලය විවිධ අයුරින් පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ සැසිවාර පැවැත් වූ අතර කල්තියා හඳුනාගැනීම සහ අධ්‍යාපනය, ජීවිත බේරා ගන්නා බව කියවෙන එම පණිවිඩය ජනතාව අතරට බෙදා දුනි.

    මෙම කැපවීම තවදුරටත් අවධාරණය කරමින් කොමර්ෂල් බැංකුව විසින් පසුගිය දිනවල කිලිනොච්චිය, මඩකලපුව සහ මාතර යන නගරවලදී පවත්වන ලද TLC (Touch|Look|Check) – Triathlon 2025 තරඟාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස ඉන්දිරා පිළිකා භාර අරමුදල (ICT) සමඟ අත්වැල් බැඳ ගන්නා ලදී. එම වැඩසටහන පියයුරු ස්වයං පරීක්ෂා ක්‍රමය ප්‍රවර්ධනය කිරීම සහ මුලදී ම රෝගය හඳුනා ගැනීමේ වැදගත්කම ඉස්මතු කිරීම සඳහා ක්‍රීඩා සහ සෞඛ්‍ය අධ්‍යාපනය ඒකාබද්ධ කරන ලද වැඩසටහනක් විය.

    කාන්තාවන්ගේ යහපැවැත්ම කෙරෙහි බැංකුවේ ඇති අඛණ්ඩ අවධානය පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකරණ අධ්‍යක්ෂක සහ ප්‍රධාන විධායක නිළධාරී සනත් මනතුංග මහතා මෙසේ පැවසීය: “පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය යන්න හුදෙක් සෞඛ්‍යය පිළිබඳ කාරණයක් ම පමණක් නොව, එය කාන්තාවන්ගේ ගෞරවය, ආරක්ෂාව සහ බලගැන්වීමට ඉතාම වැදගත් කාරණයකි. අප විශ්වාස කරන්නේ සැබවින් ම පිළිගැනීමක් ලැබෙන සේවා ස්ථානයක් තුළ කාන්තාවන්හට පුද්ගල වශයෙන් මෙන් ම වෘත්තීමය වශයෙන් ද ඉහළට යාමට අවශ්‍ය ඉඩකඩ තිබිය යුතු බවයි. රෝස පැහැයෙන් සැරසී සේවයට පැමිණීමේ අපගේ වැඩසටහන සහ ඉන්දිරා පිළිකා භාර අරමුදල සමඟ අපගේ හවුල්කාරීත්වය වැනි කර්තව්‍යයන් හරහා අපගේ ශ්‍රම බලකායේ, ප්‍රජාවගේ සහ පවුලේ කොඳුනාරටිය වන කාන්තාවන්ට සහය වීම වෙනුවෙන් බැංකුවේ කැපවීම නැවත නැවතත් තහවුරු කරන්නෙමු.”

    කොමර්ෂල් බැංකුව එහි මෙහෙයුම් කටයුතු තුළින් ම තම සේවා ස්ථාන කාන්තාවන්ට ආරක්ෂිත හා සහයෝගය ලැබෙන ස්ථාන බවට පත් කිරීමට බොහෝ සාර්ථක පියවර ගෙන තිබේ. ඒ අතරට වැඩිදියුණු වූ සෞඛ්‍ය ප්‍රතිලාභ, මව්වරුන් සඳහා ව්‍යවස්ථාපිත විධිවිධානවලට අමතර විශේෂ නිවාඩු දින වෙන් කිරීම හා අවශ්‍ය උපකාර ලබා දීම, කාන්තාවන් වෙනුවෙන් ම සැකසූ නායකත්ව හා වෘත්තීය සංවර්ධන වැඩසටහන් මෙන් ම සෑම සේවකයෙකුගේ ම හඬට අගයක් දීම සහතික කරන යාන්ත්‍රණයන් පිහිටුවීම ආදී පියවර ඇතුලත් වේ.

    ඇමරිකානු ඩොලර් බිලියන 1 කට අධික වෙළඳපල ප්‍රාග්ධනීකරණයක් සහිත ශ්‍රී ලංකාවේ පළමු බැංකුව වන කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව මෙන්ම කොළඹ කොටස් වෙළඳපල බැංකු අංශයේ ඉහළම වෙළඳපල ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ.

    දිවයින පුරා උපායමාර්ගිකව පිහිටා ඇති ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර, බැංකුව බංග්ලාදේශයේ ශාඛා 20 ක්, මාලදිවයිනේ බහුතර කොටස් හිමිකාරිත්වයක් සහිත පූර්ණ මට්ටමේ පළමු පෙළ බැංකුවක්, මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් සහ ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (DIFC) තුළ නියෝජිත කාර්යාලයක් සමඟින් ශ්‍රී ලාංකික බැංකු අතර පුළුල්ම ජාත්‍යන්තර පියසටහනක් තබා ඇත. මීට අමතරව බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් ලිමිටඩ් සහ කොමර්ෂල් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් සමාගම තම ශාඛා ජාල හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.

    RELATED ARTICLES

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisment -
    Google search engine

    Most Popular

    Recent Comments