දහස් ගණනක් සිසුන්ට ඖෂධවේදය පිළිබඳ දැනුම සපයන Ceylon Pharma College නිර්මාතෘ දිලිප් ෆොන්සේකා Asia’s Icon Awards අන්තර්ජාතික සම්මාන උලෙළේදී “Revolutionary Thinker in Pharmacy and Education” සම්මානය දිනා ගත්තේය. සිසුන් දහයකට පමණ ඖෂධවේදය පිළිබඳ අධ්‍යාපනය සපයමින් ඇරැඹුණු එම ආයතනය වසර හතරක් වැනි කෙටි කාලයකින් සිසුන් 3,000කට පමණ දැනුම සපයා ඇත.
2020දී ඇරැඹූ Ceylon Pharma College ඖෂධවේදය පිළිබඳ උසස් පාඨමාලාව සහ සහතික පත්‍ර පාඨමාලාව ඇතුළු පාඨමාලා 03ක් හඳුන්වා දී ඇත. ඖෂධවේදීන් බවට පත් වීමට උනන්දුවක් දක්වන අයට මෙන්ම සුව සේවා වෘත්තිකයන්ට (Care Giver) අවශ්‍ය ඖෂධවේදය පිළිබඳ දැනුම සිද්ධාන්තමය සහ ප්‍රායෝගික දැනුම මෙම පාඨමාලාවලින් සපයයි. ඖෂධවේදයට අදාළ විභාගවලට පෙනී සිටීමට අවශ්‍ය මූලික දැනුම සැපයීම, ඖෂධවේදී සහායකයන් ලෙස සේවය කිරීමට අවශ්‍ය ප්‍රයෝගික දැනුම සැපයීම සහ විදේශවලට ගොස් සුව සේවා වෘත්තීන්වල යෙදීමට අවශ්‍ය පුහුණුව සැපයීම මෙම පාඨමාලාවල අරමුණු වේ.
මෙම පාඨමාලාවලට ඕනෑම අයකුට සම්බන්ධ විය හැකිය. භෞතික වශයෙන් සහභාගී වීමට නොහැකි අයට මාර්ගගත ඉගැන්වීම් වැඩසටහන්ද ක්‍රියාත්මක වේ. Ceylon Pharma College හඳුන්වා දී ඇති ප්රමුඛ අංගයක් ලෙස ‘Digital Pharmacy’ හැඳින්විය හැකිය. එමඟින් ඔසුසලක මෙහෙයුම් පිළිබඳව ප්‍රායෝගික දැනුම සහ අත්දැකීම් ලැබීමට සිසුන්ට අවස්ථාව ලැබේ. ඖෂධ වට්ටෝරු කියවීම, ඖෂධ හඳුනා ගැනීම හා ගබඩා කිරීම, ඖෂධ හා බිල්පත් නිකුත් කිරීම වැනි සෑම ක්‍රියාකාරකමක් පිළිබඳවම දැනුම එමඟින් ගත හැකිය. ලිවීමට අවශ්‍ය පෑනේ සිට ජංගම දුරකතන රඳවනය දක්වා වන සියලු දෑ ඇතුළත් ඉගෙනුම් කට්ටලයක් ද එම ආයතනය සිසුන්ට සපයයි. Asia Miracle 2024 සම්මාන උලෙළේදී ‘Sri Lanka Best Pharmaceutical Training and Education Institute’ ලෙස සම්මාන ලැබූ එම ආයතනය Asia Awards සම්මාන උලෙළේදී ‘Asia’s Best Education Portal’ සහ ‘Asia’s Innovative Thinker’ යන සම්මාන දිනා ගත්තේය.