එක්තරා ගමක සිටි ගොවිමහතෙකුට විවාහවන වයසේ පසු වන ඉතා රූමත් දියණියක් විය. ඇයව විවාහ කර ගැනීමේ අපේක්ෂාවෙන් පසු වූ ඒ ගමෙහිම සිටි හැඩිදැඩි තරුණයෙක් ඒ බව ගොවියා වෙත ගොස් පවසා සිටියා.
ගොවියා ඔහු දෙස ටික වෙලාවක් බලා සිට මෙසේ කීවා,
“පුතා, ඔයාට මගේ දුවව විවාහ කරගන්න ඕනිනම් පොඩි පරීක්ෂණයකින් සමත් වෙන්න සිද්ධ වෙනවා. ඒ තමයි මම ගොන්නු තුන්දෙනෙක් නිදහස් කරනවා. ගොන් තිදෙනාගෙන් ඕනෑම එකෙකුගේ වලිගය ඔබට අල්ලා ගත හැකි නම්, ඔබට මගේ දුවව විවාහ කරගත හැකී”
එම පරීක්ෂණයට එකපයින්ම කැමති වූ මෙම තරුණයා ගොවියා සමගින් ඔහුගේ ගොවිපලට ගොස් පළමු ගොනා නිදහස් කරන තුරු බලා සිටියා. මේ අතරතුර ගොවියා ගාල වෙත ගොස් පළමු ගොනාව නිදහස් කළා. තමා මෙතෙක් දැක ඇති විශාලත ම, නපුරු පෙනුමැති ගොනා ගාලේ දොර පසුකරමින් තමා වෙත දිව එනවා දුටු තරුණයා, මීළඟ ගොනුන් දෙදෙනාගෙන් එකක් මෙයට වඩා අසීරූ නොවේවි යැයි සිතා වහාම වැටෙන් ඉවතට පැන ගොනාට තණබිම් හරහා යාමට ඉඩ දුන්නේය.
දෙවන ගොනා සදහා ආයෙත් ගාලේ දොර ඇරුණා. පළමු ගොනාටත් වඩා විශාල හා නපුරු ගොනෙකු පිටතට දිව ආවේය. ජීවිතයේ මෙතරම් විශාල හා දරුණු කිසිදාක දැක නොතිබූ තරුණයා මීළඟ ගොනා මොන වගේ වුවත්, එය මෙයට වඩා නිසැකවම හොඳ තේරීමක් විය යුතුයි සිතා වහාම වැටෙන් පිටතට පැන දෙවන ගොනාට ද තණබිම් හරහා දිව යාමට ඉඩ දී බලා සිටියා.
අවසාන වශයෙන් ගොවියා තුන් වන ගොනා සදහා ද ගාලේ දොර විවර කළා. මේ වතාවේදි නම් තරුණයාගේ මුහුණ විශාල සතුටකින් පිරීගියා. ඒකට හේතුව තමයි මෙවර පැමිණියේ ඔහු මෙතෙක් දැක ඇති දුර්වලම හා කුඩාම ගොනා වීම. මෙවර නම් ඉතා පහසුවෙන් තම අභියෝගය ජයගත හැකි බව සිතූ තරුණයා ගොනා දිවඑන විට, නිවැරදිව ස්ථානගත වී ගොනාගේ වලිගය අල්ලා ගැනීමට සූදානම් විය. නමුත් මෙවර ගොනාට වලිගයක් නොතිබුණි!!
ජීවිතය අවස්ථාවන්ගෙන් පිරී පවතී. ඉන් සමහර අවස්ථා අපට ඉතා පහසුවෙන් ලබාගන්නට පුළුවන් වුවත්, ඇතැම් ඒවා ඉතා දුෂ්කර ද වනු ඇත. නමුත් අවස්ථාවන් මගහරිමින් ඉදිරියේදි වඩාත් හොද අවස්ථාවන් ලැබේයැයි බලාපොරොත්තු වීම, අපගේ සාර්ථකත්වය නිසැකවම සීමාකරයි. මන්ද අප විසින් මගහැරගත් අවස්ථා නැවත කිසිදා ලබා ගත නොහැකි නිසාවෙනි. එබැවින් ජීවිතයේ ලැබෙන සෑම අවස්ථාවක්ම මගහැරගන්න එපා..
ඔබට ජය….
facebook උපුටාගැනීමකි.