Tuesday, October 14, 2025
More
    Homeකාලීන පුවත්අයවැය 2025: රජයේ සහ පෞද්ගලික අංශයේ වැටුප් වැඩි වෙන්නේ මෙහෙම යි

    අයවැය 2025: රජයේ සහ පෞද්ගලික අංශයේ වැටුප් වැඩි වෙන්නේ මෙහෙම යි

    ඒ අනුව, මුළු ශුද්ධ වැටුප් වැඩිවීමෙන් රු. 5,000ක් සහ ඉතිරි මුදලින් 30%ක් 2025 වසරේ අප්‍රේල් මස සිට ගෙවනු ලබන අතර, ඉතිරි 70% 2026 වසරේ ජනවාරි සහ 2027 වසරේ ජනවාරි මාසවලදී කොටස් වශයෙන් ගෙවීම සිදුකෙරේ. ඊට අමතරව, දැනට පවතින තාවකාලික අතුරු දීමනාව සහ විශේෂ දීමනාව මූලික වැටුපට ඒකාබද්ධ කිරීම සිදු කරන බව ද පැවසීය.

    මෙම වැටුප් වැඩිවීමේ සමස්ත ඇස්තමේන්තුගත වියදම රු.බි. 325කි.

    විශ්‍රාම වැටුප්

    2025 ජනවාරි මස 1 වන දා හෝ ඉන් පසුව විශ්‍රාම යන නිලධාරීන්ගේ විශ්‍රාම ප්‍රතිලාභ නව වැටුප් ව්‍යුහය මත ගණනය කෙරෙනු ඇත.

    රාජ්‍ය සේවකයින්ගේ ආපදා ණය සීමාව රු. 250,000 සිට රු. 400,000 දක්වා ඉහළ දැමෙනු ඇත.

    ඊට අමතරව, 2020.01.01 දිනට පෙර විශ්‍රාම ගත් රජයේ නිලධාරීන්ගේ විශ්‍රාම වැටුප් 2020 වසරට සාපේක්ෂව ගැලපීමට යෝජනා කෙරිණි.

    පෞද්ගලික අංශයේ වැටුප්

    පෞද්ගලික අංශයේ සේවකයින්ගේ අවම මාසික වැටුප රු. 21,000 සිට 2025 වසරේ අප්‍රේල් මස රු. 27,000ක් ලෙස සහ 2026 වසරේ සිට රු. 30,000ක් ලෙස ඉහළ නැවීමට ද යෝජනා කෙරිණි.

    මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේ, ඒ සඳහා පෞද්ගලික අංශයේ හාම්පුතුන් ඊට එකඟත්වය පළ කර ඇති බව ය.

    වතු කම්කරු වැටුප්

    ඊට අමතරව, වතු කම්කරුවන්ගේ යෝජිත රු. 1,700ක වැටුප ලබා දීමට රජය මැදිහත් වන බව ද මෙහිදී ප්‍රකාශ කෙරිණි.

    RELATED ARTICLES

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisment -
    Google search engine

    Most Popular

    Recent Comments