Saturday, August 30, 2025
More
    Homeකාලීන පුවත්ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව 'කාන්තාවන්ට ජාතික සතියක්'

    ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ‘කාන්තාවන්ට ජාතික සතියක්’

    ඒ අනුව, අද සිට (02) සිට 08 වන දා දක්වා යොදා ඇති මෙම කාන්තා සතිය තුළ කාන්තාව නිරෝගීමත් කිරීම, දැනුවත් කිරීම, සුරක්ෂිත කිරීම, සවිබල ගැන්වීම සහ ඔවුන්ගේ තාක්ෂණ කුසළතා වර්ධනය කිරීම වෙනුවෙන් දීපව්‍යාප්ත වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මකයි.

     “තැනුමට තිරසර හෙටක් – සවිමත් ඇය වේ මගක් ” යන්න මෙවර කාන්තා දින ජාතික තේමාව වේ.

    කාන්තා ව්‍යවසායිකාවන් දිරිමත් කිරීම සහ ඔවුනට වෙළෙඳපොළක් නිර්මාණය කිරීම වෙනුවෙන් මාර්තු 05 සහ 06 යන දෙදින පුරා “ලිය ශක්ති” කාන්තා පොළ කොළඹ විහාර මහාදේවී උද්‍යාන පරිශ්‍රයේදී පැවැත්වීමට සියළු කටයුතු සම්පාදනය කොට ඇති බව දැනුම් දී තිබේ.

    මෙවර කාන්තා දින සැමරුම් උළෙල කාන්තා හා ළමා කටයුතු පිළිබඳ අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සහ නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන මහතාගේ සංකල්පය පරිදි අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල,  “සුහුරුපාය” ශ්‍රවණාගාරයෙදී පැවැත්වීමට නියමිතය.

    RELATED ARTICLES

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisment -
    Google search engine

    Most Popular

    Recent Comments