Homeකාන්තා ලෝකයගැබ්ගෙළ පිළිකා : අවදානමට පෙර හඳුනාගන්න

ගැබ්ගෙළ පිළිකා : අවදානමට පෙර හඳුනාගන්න

ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට වැළඳෙන පිළිකා රෝග අතරින් දෙවන ස්ථානය හිමි වන්නේ ගැබ්ගෙල පිළිකාවට බව ප්‍රජා වෛද්‍ය විශේෂඥයෙකු පවසයි.

තමාට එම පිළිකාව වැළඳීමේ අවදානමක් පවතීද යන්න පරීක්ෂා කර ගැනීම පිණිස ශ්‍රී ලංකාව පුරා නොමිලයේ පැවැත්වෙන ‘සුවනාරී’ වෛද්‍ය සායන වලට පැමිණ ලෙසයි සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ ජාතික පිළිකා මර්ධන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සුරාජ් පෙරේරා ලිංගික සම්බන්ධතා පවත්වන ශ්‍රී ලංකාවේ සියලුම කාන්තාවන්ගෙන් ඉල්ලා සිටින්නේ.

ගැබ්ගෙල පිළිකා
ශ්‍රී ලංකාව පුරා නොමිලයේ පැවැත්වෙන ‘සුවනාරී’ වෛද්‍ය සායන වලට පැමිණ පරීක්ෂා කරගන්නා ලෙසයි සියලුම කාන්තාවන්ගෙන් ඉල්ලා සිටින්නේ

ලිංගික සම්බන්ධතා ඇසුරින් හටගන්නා රෝගී තත්වයන් අතරින් ගැබ්ගෙල පිළිකා ලෝකය පුරා සෑම රටකම දක්නට ලැබෙන අතර ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතර ද බහුලව දක්නට ලැබෙන බවයි වෛද්‍යවරු පවසන්නේ.

‘ජාතික පිළිකා කලින් හඳුනාගැනීමේ සායනය කොළඹ නාරාහේන්පිට පවත්වාගෙන යනව. මෙම සායනයේත් සඳුදා සිට සිකුරාදා දක්වා සෑම සතියේ දිනකම උදේ 8.30 සිට සවස 4.00 දක්වා විවාහක ඕනෑම කාන්තාවකට නොමිලේ මෙම පරීක්ෂණය කරගන්න පුළුවන්’ යනුවෙනුයි වෛද්‍ය සුරාජ් පැවසුවේ.

බ්‍රිතාන්‍යය, කැනඩාව වැනි දියුණු සෞඛ්‍ය සේවාවන් පවතින රටවල ලිංගික සම්බන්ධතා පවත්වන සියලුම කාන්තාවන් ගැබ්ගෙල පිළිකා පරීක්ෂණයට අනිවාර්යයෙන් ලක් කරන බැවින් එම රටවල ප්‍රධාන පිළිකා ලැයිස්තුවේ ගැබ්ගෙල පිළිකාව සඳහන් නොවන බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කර ඇති නවතම වාර්තාවක් අනුව 2016 සිට 2021 දක්වා වූ වසර පහක කාලය ගැබ්ගෙල පිළිකා ඇතුළු ලිංගික සම්බන්ධතා ඇසුරින් ඇතිවන රෝග නිවාරණය වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කිරීම සඳහා වෙන් කොට තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments