Homeව්‍යාපාරිකZellers ප්‍රිමියම් චොක්ලට් දැන් වෙළඳපොළේ

Zellers ප්‍රිමියම් චොක්ලට් දැන් වෙළඳපොළේ

ශ්‍රී ලංකාවේ ප්‍රිමියම් චොක්ලට් වෙළඳපොළේ දැවැන්ත පෙරළියක් සිදුකරමින් Zellers චොක්ලට් නැවතත් වෙළඳපොළට පැමිණ තිබේ. Zellers චොක්ලට් යනු දශක ගණනාවක ඉතිහාසයක් සහිත සුවිශේෂී චොක්ලට් සන්නාමයකි. දේශීය නිපුණත්වයේ හා නවෝත්පාදනයේ සුවිශේෂී සංකේතයක් වන Zellers හි පුනරාගමනය, ශ්‍රී ලාංකිකයන් අමන්දානන්දයට පත් කරමින් ඔවුන් තුළ අතීත මතක අවදි කරන සුවිශේෂී පුවතක් වනු නො-අනුමාන ය.

චොක්ලට් යනු බොහෝ දෙනෙකුගේ ජීවිතවල සුවිශේෂී අවස්ථා හා බැඳුණු රසබර මතකයකි. ඒ මතක අවදි කරමින්, දේශීය උරුමය සමඟ ජාත්‍යන්තර ප්‍රමිතිය එක්තැන් කරන සුවිශේෂී චොක්ලට් එකතුවක් ලෙස Zellers චොක්ලට් වෙළඳපොළට පැමිණෙනු ඇත. 1964 වර්ෂයේදී ආරම්භ වූ Zellers ශ්‍රී ලංකාවේ ප්‍රථම දේශීය චොක්ලට් නිෂ්පාදන සමාගම ලෙස සැලකේ. මෙරට පුරෝගාමී හා දූරදර්ශී ව්‍යාපාරිකයෙකු වූ, මැලිබන් සමාගමේ ආරම්භක සභාපති ඒ. ජී. හින්නි අප්පුහාමි මහතා එහි නිර්මාතෘවරයා විය. ඉහළම ප්‍රමිතියෙන් යුත් කොකෝවා යොදාගෙන, ‘Bean-to-bar’ සංකල්පය අනුව නිෂ්පාදනය කරන ලද Zellers චොක්ලට් මෙරට ජන හද ජයගත්තේ නිරායාසයෙනි. ඒ සුපුරුදු Zellers රසය නැවතත් ශ්‍රී ලාංකික පාරිභෝගික ප්‍රජාව වෙත සමීප කරවීම Zellers හි අරමුණ වී ඇති අතර, මෙය චොක්ලට් රසයෙන් ශ්‍රී ලංකාවේ අතීත හා අනාගත පරම්පරාවන් යා කරන සුවිශේෂී පියවරක් වනු නිසැක ය.

Zellers පුනරාගමනය සම්බන්ධයෙන් මැලිබන් සමූහයේ සභාපතිනිය වන කුමුදිකා ප්‍රනාන්දු මහත්මිය මෙසේ අදහස් පළ කළාය. “ඝානාවේ ප්‍රිමියම් කොකෝවා යොදා ගනිමින් ජාත්‍යන්තර තලයේ චොක්ලට් එකතුවක් ලෙස Zellers චොක්ලට් නැවත වරක් මෙරට වෙළඳපොළට හඳුන්වා දීමට හැකි වීම අපට මහත් සතුටක්. දශක ගණනාවක් තිස්සේ Zellers චොක්ලට් මෙරට පාරිභෝගිකයන්ගේ ප්‍රියතම චොක්ලට් සන්නාමය බවට පත් වී තිබුණා.”

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments