Homeළමා ලෝකයඅඩු වයසින් වැඩිවිය පැමිණි දැරියන්ට මානසික සෞඛ්‍ය ගැටලු වැඩි ද ?

අඩු වයසින් වැඩිවිය පැමිණි දැරියන්ට මානසික සෞඛ්‍ය ගැටලු වැඩි ද ?

සාමාන්‍ය වයසට වඩා කලින් වැඩිවිය පැමිණීම මානසික සෞඛ්‍ය ගැටලු ඇතිවීමේ අවදානම වැඩි කළ හැකි බව නවතම අධ්‍යයනයකින් හෙළිවී තිබේ.

ඇමරිකානු වෛද්‍ය සංගමය (Journal of the American Medical Association – JAMA) විසින් පත් කරන ලද මෙම අධ්‍යයනයෙන් හෙළි වූයේ, අඩු වයසින් වැඩිවිය පැමිණි තරුණියන් තුළ මානසික අවපීඩනය සහ ADHD ඇතිවීමේ ප්‍රවණතාව ආරම්භයේ සිට අවම වශයෙන් වසර අටක්වත් ඉහළ මට්ටමක පැවති බවයි.

මෙම අධ්‍යයනය සඳහා, ජර්මනියේ එසෙන් විශ්ව විද්‍යාල රෝහලේ පර්යේෂකයින් අඩු වයසින් වැඩිවිය පැමිණි තරුණියන්   1100ක් නිරීක්ෂණයට ලක්කර ඇත.

‘මධ්‍යම පූර්ව වැඩිවිය පැමිණීම’ යනු මෙම වර්ධන අවධිය හා සම්බන්ධ ශාරීරික වෙනස්කම් මුල් අවධියේදී ආරම්භ වන තත්වයකි. එය  ගැහැණු ළමයින් සඳහා වයස අවුරුදු අටට පෙර සහ පිරිමි ළමයින් සඳහා වයස අවුරුදු නවයට පෙර ත්ත්වයකි.

අධ්‍යයනයේ සොයාගැනීම්වලින් පෙනී යන්නේ ඉක්මනින් වැඩිවියට පත් වූ අය මානසික සෞඛ්‍ය ගැටලුවලින්  පෙළෙන බවට හඳුනා ගැනීමට ඇති ඉඩකඩ සියයට 50කින් වැඩි බවයි, එයට මානසික අවපීඩනය, කාංසාව සහ හැසිරීම් ආබාධ ඇතුළත් වේ.

වැඩිවිය පැමිණීමේ මුල් අවධියේ සිටින අය අතර මානසික අවපීඩනය හඳුනා ගැනීමේ සම්භාවිතාව 70% කින් වැඩි විය හැකි බවත්, කාංසාව ආබාධ ඇතිවීමේ සම්භාවිතාව 45% කින් පමණ වැඩි විය හැකි බවත් පර්යේෂකයෝ සොයා ගත්හ.

” මධ්‍යම පූර්ව වැඩිවිය පැමිණීම මානසික ආබාධ ඇතිවීමේ වැඩි අවදානමක් සමඟ සම්බන්ධ වී ඇති අතර, දිගුකාලීන මානසික සෞඛ්‍ය ප්‍රතිඵල සඳහා සාක්ෂි සපයයි,” කතුවරුන් පැවසීය.

සොයාගැනීම්වලින් පෙනී යන්නේ “මුල් වැඩිවිය පැමිණීම දරුවන්ගේ භාරකරුවන් මුල් අවධියේදී මනෝචිකිත්සක ප්‍රතිකාර ආරම්භ කිරීම සඳහා මනෝචිකිත්සක රෝග ලක්ෂණ මතුගැන  සුපරීක්ෂාකාරී විය යුතු” බවයි.

අනාගතයේදී මානසික සෞඛ්‍යයට මුල් වැඩිවිය පැමිණීම බලපාන්නේ කෙසේද යන්න විශ්ලේෂණය කරන පෙර අධ්‍යයනයන් මගින් අවිනිශ්චිත සහ ගැටුම්කාරී ප්‍රතිඵල ලැබී ඇති බවත්, කුඩා සාම්පල ප්‍රමාණයන් සහ ක්‍රමවේදයේ සීමාවන් හේතුවෙන් පර්යේෂණවල වටිනාකම අඩු බවත් පර්යේෂණ  කණ්ඩායම පැවසීය.

මෙම මහා පරිමාණ ජනගහන පාදක අධ්‍යයනයෙන් “(මුල් වැඩිවිය පැමිණීමේ) රෝගීන් තුළ දිගුකාලීන ඍණාත්මක මානසික සෞඛ්‍ය ප්‍රතිවිපාක ඇති බව, මානසික අවපීඩනය සහ ADHD සඳහා වන සිදුවීම් අනුපාතය වැඩි වීම (මුල් වැඩිවිය පැමිණීමේ) රෝග විනිශ්චය කිරීමෙන් පසු වසර අටක් දක්වා පවතින බව” ද සොයා ගන්නා ලදී.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments