Homeකාලීන පුවත්දියණියට බෙහෙත් ගන්න ගිය පියා වන අලි ප්‍රහාරයෙන් මරුට

දියණියට බෙහෙත් ගන්න ගිය පියා වන අලි ප්‍රහාරයෙන් මරුට

සිය හය හැවිරිදි දියණියට බෙහෙත් ගෙන ඒම සඳහා බිරිඳ ද සමගින් යතුරු පැදියකින් එප්පාවල දෙසට ගමන් කරමින් පුද්ගලයෙකු වන අලි පහරදීමක් හේතුවෙන් ඝාතනයට ලක්ව ඇත.

එප්පාවල පොලිස් වසමේ නල්ලමුදාව, කොලොංගස්හංදිය ප්‍රදේශයේදී මෙම ඛේදජනක සිදුවීමට මුහුණ පා ඇත්තේ එප්පාවල නල්ලමුදාව පදිංචි ඩී සාලියරත්න නම් 52 හැවිරිදි පුද්ගලයෙකි.

ඊයේ (13) පස්වරු 7.00 ට පමණ සිය 06 හැවිරිදි දියණියට බෙහෙත් ගෙන ඒම සඳහා , බිරිඳ ද සමගින් තමාට අයත් යතුරු පැදියෙන් එප්පාවල දෙසට ගමන් කරමින් සිටියදී මාර්ගයේ රැදී සිටි වන අලියකුගේ යතුරු පැදිය ගැටී ඇති අතර, ඔවුන් තිදෙනා ඉන් බියට පත් වී අසල කැලයට දිව ගොස් ඇත.ඒ අවස්ථාවේ මාර්ගය අසල කැලයේ සිටි වන අලියකු ඩී සාලියරත්න යන අයට පහරදී ඇති අතර, බිරිඳ සහ දියණිය දිව ගොස් වන අලින්ගෙන් බේරී ඇත.

වන අලියා පහරදීමෙන් බරපතල තුවාල ලැබූ සාලියරත්න මහතා බරපතළ තුවාල ලබා සිටියදී ප්‍රදේශවාසීන්ගේ සහය මත එප්පාවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළද ඒ වන විටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments