Homeකාලීන පුවත්චිකන්ගුන්යා රෝගය වසංගත තත්ත්වයකට පැමිණ නැහැ - සෞඛ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස

චිකන්ගුන්යා රෝගය වසංගත තත්ත්වයකට පැමිණ නැහැ – සෞඛ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස

චිකන්ගුන්යා රෝගය තවමත් වසංගත තත්ත්වයකට පැමිණ ඇතැයි සෞඛ්‍ය අංශ පිළිනොගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (27) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය නිල වශයෙන් පවතින දත්ත පදනම් කරගෙන ඉදිරි දින කිහිපය තුළදී ප්‍රකාශයක් නිකුත් කරනු ඇතැයිද, රෝගයේ යම් වර්ධනයක් පවතින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

කොවිඩ් පැතිරීම සම්බන්ධයෙන්ද අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා සිංගප්පූරුව, ඉන්දියාව වැනි තදාසන්න රටවල කොවිඩ් රෝගය යම් ප්‍රමාණයක් වාර්තා වී ඇතැයිද, ඒ ඵිළිබඳව සෞඛ්‍ය අංශ අවධානයෙන් පසුවන බවද පැවසුවේය. පසුගිය කාලයේ  පැවති ආකාරයේ අනතුරකට තවමත් තොරතුරු ලැබී නැතැයිද රජය මේ සම්බන්ධයෙන් ගුවන් තොටුපොලේ සිටම අවශ්‍ය මැදිහත්වීම් සිදුකරමින් කටයුතු කරන අතරම ඒ පිළිබඳව සෞඛ්‍ය  ලේකම්වරයා පසුගිය දිනක වාර්තාවක් නිකුත් කළ බවද සඳහන් කළේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments