Homeක්‍රීඩාශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම දිවයිනට - චමරිගෙන් විශේෂ ප්‍රකාශයක්

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම දිවයිනට – චමරිගෙන් විශේෂ ප්‍රකාශයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා නුවර පැවති විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම , එහි පැවැත්වු සියලුම තරග පරාජයට පත් වීමෙන් පසු යළිත්  ඊයේ (13) රාත්‍රී යළිත් මෙරටට පැමිණියේය.

එම අවස්ථාවේ මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් , ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු මෙසේ පැවසුවාය .‘‘ මම මෙම පරාජයට පත් වීම නිසා වේදනාවට පත් වී සිටිනවා.අපි ගොඩක් බලාපොරොත්තු තබා ගෙන සජා නුවර බලා පිටත්ව ගියා. අපි පුහුණු තරග ජයග්‍රහණය කළා . නමුත් අපිට තරගාවලියේ එක් තරගයක් හෝ ජයග්‍රහණය කර ගැනීමට හැකි උනේ නැහැ. මේ සදහා අපේ දුර්වල පිතිකරණය සහ පන්දු රැකීම ඉවහල් වුණා. විශේෂයෙන්ම මම පිතිකරණය තුළින් අසාර්ථක වුණා. ඒ විතරක් නෙමෙයි හර්ෂිතා , විස්මිත් අසාර්ථක වුණා. අපිට වැරදුන තැන් , අපේ අඩුපාඩු හදා ගෙන ඉදිරියට යාමට බලාපොරොත්තු වෙනවා. ඒ සදහා මෙය කදිම අවස්ථාවක්. අපි යළිත්  මහන්සි වී වැඩ කර ජයග්‍රහණය කරා යාමට බලාපොරොත්තු වෙනවා. එළඹෙන වසරේ පෙබරවාරි මස අපිට නවසීලන්තයේ සංචාරයක් තිබෙනවා. ඊළඟට එක් දින සීමිත ඕවර් 50 ලෝක කුසලාන තරගාවලිය පැවැත්වීමට නියමිතයි. අපි ඒ තරගාවලිය සදහා දැනට 05 වන ස්ථානයේ පසුවනවා“ චමරි අතපත්තු වැඩිදුරටත් පැවසුවාය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments