Homeක්‍රීඩාමේජර් කාන්තා ආරාධිත ක්‍රිකට් ඔක්තෝම්බර් 15 දා ඇරඹෙයි

මේජර් කාන්තා ආරාධිත ක්‍රිකට් ඔක්තෝම්බර් 15 දා ඇරඹෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ මේජර් කාන්තා ආරාධිත ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග හතක් අඟහරුවාදා (15) කොළඹ සහ පිට පළාත්වල දී පැවැත්වීමට නියමිතය. පිට පළාත්වල දී පැවැත්වෙන තරගවනුයේ සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන චිලව් මේරියන්ස් – ගෝල් තරගයත් පාණදුර මහජන ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එන්.සී.සී. සහ පාණදුර අතර තරගයත් කරන්දෙණියේ දී පැවැත්වෙන යුද හමුදා – බී.ආර්.සී. තරගයත් වැලිසර දී පැවැත්වෙන ඒස් කැපිටල් සහ නාවික හමුදාව අතර තරගයත්ය.

තරගාවලියට කණ්ඩායම් 15ක් ආරාධිත කණ්ඩායම් ලෙස තරග වදින අතර මූලික වටයේ දී එම කණ්ඩායම් පහළොව ‘ඒ‘ සහ ‘බී‘ කොටස් යනුවෙන් කොටස් දෙකකට බෙදා ඇත. එහිදී ‘ඒ‘ කොටසට කණ්ඩායම් හතක් ද ‘බී‘ කොටසට කණ්ඩායම් අටක් ද වශයෙන් බෙදී මූලික වටයේ තරගයන්ට සහභාගි වෙති. මෙහි අවසාන තරගය නොවැම්බර් 19 වැනිදා කොළඹ දී පැවැත්වීමට නියමිතය. 15 වැනිදා පැවැත්වෙන තරග හා ස්ථාන පහත දැක්වේ.

 ඔක්තෝබර් 15

  • චිලව් මේරියන්ස් – ගෝල් – සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය
  • පාණදුර – එන්.සී.සී. – පාණදුරේ දී
  • සී.සී.සී. – බදුරලිය – නාරාහේන්පිට කිරිමණ්ඩල මාවත
  • යුද හමුදාව – බී.ආර්.සී. – යුද හමුදා පිටිය, කරන්දෙණිය‍
  • නාවික හමුදාව – ඒස්. කැපිටල් – නාවික හමුදා පිටිය, වැලිසර
  • කෝල්ට්ස් – කුරුණෑගල යූත් – කෝල්ට්ස් ක්‍රීඩාංගණය
  • එස්.එස්.සී. – ටැමිල් යුනියන් – බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩාංගණය
RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments