Homeව්‍යාපාරිකDestination Wedding සංකල්පය ශ්‍රී ලංකාවට

Destination Wedding සංකල්පය ශ්‍රී ලංකාවට

Destination Wedding එසේත් නොමැතිනම් ගමනාන්ත විවාහ උත්සව ශ්‍රී ලංකාව තුළ පැවැත්වීම පිළිබඳව මේ වන විට වැඩපිළිවෙළක් සකස් කර ඇති බව ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමනාකරණ ආයතනයේ සහ ශ්‍රී ලංකා සම්මේලන ආයතනයේ සභාපති ධීර හෙට්ටිආරච්චි මහතා පවසයි.

හෙට්ටිආරච්චි මහතා මේ බව පවසා සිටියේ පසුගිය අද (09) පැවති මාධ්‍ය හමුවකදී ය.

ඉන්දියාව, මැදපෙරදිග වැනි රටවල ජීවත් වන්නන් ඔවුන්ගේ විවාහ මංගල උත්සව ශ්‍රී ලංකාව තුළ පැවැත්වීමට විශාල කැමැත්තක් දක්වන බවත් එක් ඉන්දියානු විවාහ මංගල උත්සවයකින් පමණක් අවම වශයෙන් අමරිකානු ඩොලර් 250,000ක මුදලක් ඉපයිය හැකි බවත් ඔහු හෙළි කළේය.

“මෙම සංකල්පය මෙරටට විදේශ විනිමය ඉපයීමට ඇති ඉතාමත් හොඳ අවස්ථාවක් ලෙස අපි දකිනවා. මීට සුමානෙකට කලින් අපි Destination Wedding කියන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළා. ඒක ඉතාම සාර්ථකයි. විශේෂයෙන්ම ඉන්දියාව, මැදපෙරදිග වගේ රටවල් ගත්තොතින් විශාල ඉල්ලුමක් තියනවා ලංකාවේ ඔවුන්ගේ විවාහ මංගල උත්සව පවත්වන්න. අපි ගණනය කර තිබෙන ආකාරයට ඉන්දියන් වෙඩින් එකකින් අපිට අවම වශයෙන් එක්සත් ජනපද ඩොලර් 250,000ක් උපයන්න පුළුවන්. ඉතින් අවම වශයෙන් වෙඩින් 40ක් 50ක් වගේ අපිට මේ රටට ගෙන්න ගන්න පුළුවන් කමක් තියනවනම් ඒක විදේශ විනිමය පැත්තෙන් හොඳ අවස්ථාවක්.”

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments