Homeක්‍රීඩාඑක්දින පන්දු යවන්නන් අතර 'මහීෂ් තීක්ෂණ' අංක 1 ට ළං වෙයි

එක්දින පන්දු යවන්නන් අතර ‘මහීෂ් තීක්ෂණ’ අංක 1 ට ළං වෙයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම එක්දින පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා පිලේ දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සමත්ව සිටියි.

ඔස්ට්‍රේලියාවට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති පළමු එක්දින තරගයේදී දක්වන ලද දක්ෂතා පදනම් කොට ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට පැමිණීමට තීක්ෂණ සමත්ව තිබේ. මෙම තරගයේදී තීක්ෂණ පන්දුවාර 9.5 ක් යවමිල් ලකුණු 40 කට කඩුලු 4 ක් දවා ගැනීමට සමත්වීමත් සමග එතෙක් තෙවැනි ස්ථානයේ සිටි තීක්ෂණ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණියේය. ප්‍රසාද ලකුණු 663 ක් ලබා සිටින තීක්ෂණ එහි පළමු ස්ථානයේ පසුවන ඇෆ්ගනිස්තානයේ රශීඩ් ඛාන්ට ප්‍රසාද ලකුණු 669 ක් ලබා සිටියි. ඒ අනුව ලොව අංක 1 පන්දු යවන්නා බවට පත්වීමට තීක්ෂණට අවශ්‍ය වන්නේ ප්‍රසාද ලකුණු 06 ක් පමණි. මෙය තීක්ෂණ විසින් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ පැමිණී ඉහළම ස්ථානය ලෙසින්ද සනිටුහන් වේ.

මේ අතර එක්දින  පන්දු යවන්නන්ගේ ශ්‍රේණිග කිරීමේ ලැයිස්තුවේ 19 වැනි ස්ථානයේ රැදී සිටි වනිදු හසරංග ස්ථාන දෙකක් පහළ ගොස් එහි 21 වැනි ස්ථානයට පත්ව සිටියි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments