Homeකාලීන පුවත්ශ්‍රී ලංකාවේ වැඩිහිටියන් 1/3කට අධික රුධිර පීඩනය - අධික ලුණු පාරිභෝජනය අඩු...

ශ්‍රී ලංකාවේ වැඩිහිටියන් 1/3කට අධික රුධිර පීඩනය – අධික ලුණු පාරිභෝජනය අඩු කරනු !

දකුණු ආසියානු කලාපයේ ප්‍රධාන සෞඛ්‍ය ගැටලුවක් වන්නේ අධි රුධිර පීඩනය බවත් එය වයස අවුරුදු 70 ට අඩු පුද්ගලයින් අතර මරණ සඳහා සැලකිය යුතු දායකත්වයක් සපයන බවත් බෝ නොවන රෝග පිළිබඳ ප්‍රජා වෛද්‍ය උපදේශක වෛද්‍ය ෂෙරීන් බාලසිංහ මහත්මිය පැවසුවාය.

ශ්‍රී ලංකාවේ වැඩිහිටියන් තිදෙනෙකුගෙන් එක් අයෙකුට ආසන්න වශයෙන් අධි රුධිර පීඩනය ඇති අතර එමඟින් ආඝාතය සහ හෘද රෝග වැනි දරුණු තත්ත්වයන් ඇතිවීමේ අවදානම වැඩි බවත් ඇය වැඩි දුරටත් පෙන්වා දුන්නා ය.

අධි රුධිර පීඩනය හේතුවෙන් හෘදයාබාධ, වකුගඩු රෝග සහ අවයව අක්‍රිය වීම වැනි සංකූලතා ඇති විය හැකිය. නිසි ශාරීරික හා මානසික සෞඛ්‍යයක් පවත්වා ගැනීමෙන් අධි රුධිර පීඩනය වළක්වා ගත හැකිය.

අධික ලුණු පරිභෝජනය ද අධි රුධිර පීඩනය වැඩිවීමට හේතු විය හැකිය.

වකුගඩු අකර්මණ්‍ය වීමට ප්‍රධාන හේතුව අධි රුධිර පීඩනය බව සෞඛ්‍ය නිලධාරීන් පවසන නමුත් ව්‍යායාම සහ සමබර ආහාර වේලක් මගින් එය පාලනය කළ හැකිය.

මේ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරන්නේ මිනිසුන් දිනකට පරිභෝජනය කරන ලුණු ප්‍රමාණය ග්‍රෑම් 5කට වඩා අඩු කළ යුතු බවයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments