HomeSMEs Guideමෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල ගෝලීය තරඟකාරිත්වය ඉහළ නැංවීමට ExpoScaleUp වැඩසටහන...

මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල ගෝලීය තරඟකාරිත්වය ඉහළ නැංවීමට ExpoScaleUp වැඩසටහන දියත් කරයි

ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB)ජාත්‍යන්තර මුල්‍ය සංස්ථාව (IFC) සමඟ සහයෝගයෙන්,ශ්‍රි ලංකා අපනයන විශිෂ්ටතා මුලපිරීම (SLEEI) 2025 යටතේ ExpoScaleUp වැඩසටහන ජනවාරි 28 වන දින නිල වශයෙන් දියත් කරන ලදි. මෙය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ (SMEs) ගෝලීය තරඟකාරිත්වය ඉහළ නැංවීම අරමුණු කරගත් වැඩසටහනකි.

ExpoScaleUp  වැඩසටහන යටතේ ඵලදායී අපනයන අලෙවිකරණ සැලසුම් සංවර්ධනය කිරීම සහ ක්‍රියාත්මක සඳහා අවශ්‍ය දැනුම කාන්තාවන් ඇතුළු තෝරාගත් සුළු හා මධ්‍ය පරිමාණ වළුවසායකයන් සවිබල ගැන්වීම සිදුවන අතර තිරසර පිළිවෙත් සහ ස්මාර්ට් දේශගුණික උපාය මාර්ග අනුගමනය කිරීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ ධාරිතාව ශක්තිමත් කිරීම අරමුණු කර ඇත.

වැඩසටහන අදියර තුනක් යටතේ ක්‍රියාත්මක වන අතර දැනුවත් කිරීම සහ පුහුණුව (ExpoNavigator) ධාරිතා ගොඩනැගීම සහ අපනයන අලෙවිකරණ සැලසුම් කිරීම (ExpoScaleUp) වෙළඳ ප්‍රදර්ශන සහ B2B රැස්වීම් හරහා වෙළඳපල ප්‍රවේශ සහාය (ExpoConnect) ලබාගැනීම ඒ යටතේ සිදුවනු ඇත.

සැකසූ ආහාර සහ බීම වර්ග, පොල් ආශ්‍රිත නිෂ්පාදන, කුළුබඩු සහ සාන්ද්‍රිත නිශ්පාදන, ශාකසාර ආලේපන, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ/ ව්‍යාපාර සේවා කලමනාකරණය (BPO) සේවා සහ හස්ත කර්මාන්ත සහ ජීවන රටා නිෂ්පාදන වැනි ප්‍රධාන අංශ කෙරෙහි අවධානය යොමු කරන ලදි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments