Homeක්‍රීඩා19න් පහළ T20 කාන්තා ලෝක කුසලානය ඇරඹෙයි

19න් පහළ T20 කාන්තා ලෝක කුසලානය ඇරඹෙයි

වයස අවුරුදු 19 න් පහළ විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (18) ආරම්භ වේ. මැලේසියාවේ දී අද ආරම්භ වන මෙම තරගය කණ්ඩායම් 16 ක සහභාගිත්වයෙන් පැවැත්වෙන අතර තරගාවලියේ මූලික වටය A.B.C.සහ D ලෙස කණ්ඩායම් හතරකින් සමන්විත වේ.

ශ්‍රී ලංකාව A. කාණ්ඩයෙන් තරග කරන අතර ඔවුන්ගේ පළමු තරගය හෙට (19) මැලේසියාවට එරෙහිව පැවැත්වෙයි.

ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් අද දිනයේදී තරග 6 ක් පැවැත්වෙන අතර සමාරම්භක තරඟය ඔස්ට්‍රේලියාව හා ස්කොට්ලන්තය අතර බංගිහිදී පැවැත්වේ. මෙහි මූලික වටය ලබන 23 වැනිදා වන තෙක් පැවැත්වීමට නියමිතව ඇත. මෙම තරඟයෙන් පසු ප්‍රසාද ලක්වුණු සටහනේ පළමු ස්ථාන හිමි කර ගන්නාකණ්ඩායම් දෙවන වටය හෙවත් සුපිරි 6 වටයට සුදුසුකම් ලබයි

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments