HomeSMEs GuideSLT-MOBITEL සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට Zoho භාවිත කිරීමට අවස්ථාව

SLT-MOBITEL සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට Zoho භාවිත කිරීමට අවස්ථාව

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL පසුගියදා EGUARDIAN පෞද්. සමාගම සමඟ ක්‍රමෝපායික ප්‍රතිවිකුණුම් ගිවිසුමකට අත්සන් තැබීය. ඒ Zoho මඟින් හඳුන්වා දී ඇති පරිපූර්ණ ඵලදායිතා සහ ව්‍යාපාර කළමනාකරණ මෙවලම් එකතුව පරිහරණය කිරීමට මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට අවස්ථාව සලසා දීමේ අරමුණිනි. මෙම හවුල්කාරීත්වය, මෙම කලාපය තුළ ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීමට සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට කැපීපෙනෙන ලෙස දායක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

SLT-MOBITEL ප්‍රධාන අලෙවි නිලධාරි ප්‍රභාත් දහනායක මහතා සහ EGUARDIAN පෞද්. සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි මෆාස් ෆරීඩ් මහතා විසින් මෙම ගිවිසුමට අත්සන් තබන ලදි. දෙපාර්ශ්වය නියෝජනය කරන තවත් නිලධාරීහු පිරිසක් ද මෙම අවස්ථාවට එක්වූහ. මෙම ගිවිසුම හේතුවෙන් මෙරට ව්‍යාපාරවලට තම මෙහෙයුම් කාර්යක්ෂම කිරීම සහ පාරිභෝගික සම්බන්ධතා වැඩිදියුණු කිරීම සඳහා Zoho Financial Suite, Zoho Workplace සහ Zoho Marketing Plus ඇතුළුව ක්ලවුඩ් තාක්ෂණය පදනම් කරගත් Zoho යෙදුම් එකතුව භාවිත කිරීමට අවස්ථාව හිමි වනු ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments