Homeකාලීන පුවත්දහම් පාසල් කටයුතුවලට බාධා එපා - අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පාසල්වලට දැනුම් දීමක්

දහම් පාසල් කටයුතුවලට බාධා එපා – අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පාසල්වලට දැනුම් දීමක්

දහම් පාසල් කටයුතුවලට බාධා ඇති විය හැකි බැවින් ඉරිදා දිනවල විවිධ වැඩසටහන් සංවිධානය නො කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලුම රජයේ පාසල්වලට දැනුම් දී තිබේ.

‘පාසල් සිසුන්ට දහම්පාසල් ක්‍රියාකාරකම් සඳහා සහභාගි කරවා ගැනීමේ වැදගත්කම අවධාරණය කරන ලෙස’ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇති බව අතිරේක ලේකම් (පාසල් ක්‍රියාකාරකම්) පී.ආර්.කාරියවසම් මහතා නිකුත් කළ ලිපියක සඳහන් වේ.

දහම් පාසල් කාලසටහන් සකස් කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වවලින් ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් වී ඇති බව ද එම ලිපියේ සඳහන් කර ඇත.

පාසල් වැඩසටහන් පැවැත්වීමට අවශ්‍ය නම්, එම වැඩසටහන් දහම් පාසල් වේලාවන් සමඟ නොගැටෙන  ලෙස සකස් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටී.

ඉරිදා දිනවල වැඩසටහන් සංවිධානය කිරීමෙන් වැළකී සිටීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස ද මෙම ලිපිය මඟින් පාසල්වලට උපදෙස් දී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments