Homeකාලීන පුවත්2024 මුල් මාස 10 තුළ ලාදුරු රෝගීන් 1000ක් - ලාදුරු මර්දන ව්‍යාපාරය

2024 මුල් මාස 10 තුළ ලාදුරු රෝගීන් 1000ක් – ලාදුරු මර්දන ව්‍යාපාරය

මෙම වසරේ මුල් මාස 10 තුළ ලාදුරු රෝගීන් දහසකට අධික සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති බව ලාදුරු මර්දන ව්‍යාපාරය සදහන් කරයි.

එහි අධ්‍යක්ෂිකා වෛද්‍ය නිරූපා පල්ලෙවත්ත මහත්මිය සඳහන් කළේ, එම කාලය තුළ රෝගීන් 1,084 දෙනෙකු හඳුනාගෙන ඇති බවය. ඒ අතරින් සියයට 68ක් පමණ රෝගය තවත් අයෙකුට බෝකළ හැකි පුද්ගලයින් වන බව සඳහන්ය. එමෙන්ම හඳුනාගත් ලාදුරු රෝගීන් අතරින් වැඩි සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 115ක් වේ.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද රෝගීන් 113 දෙනෙකු හඳුනාගෙන තිබේ. පසුගිය වසර තුළ මෙරටින් ලාදුරු රෝගීන් 1,500ක පමණ පිරිසක් හඳුනාගෙන ඇති බව ද ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂිකා නිරූපා පල්ලෙවත්ත මහත්මිය සඳහන් කළේය.

මේ අතර රෝගයක් සඳහා ප්‍රතිකාර ලබාගැනීමේදී අනවශ්‍ය ලෙස ප්‍රතිජීවක ඖෂධ භාවිත කිරීමෙන් වැළකී සිටිය යුතු බව රසායනාගාර සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතා පවසයි. සෞඛ්‍ය සේවා ප්‍රවර්ධන කාර්යාංශය කැඳවා තිබු මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, අනවශ්‍ය ලෙස ප්‍රතිජීවක ඖෂධ භාවිත කිරීම හේතුවෙන් රෝග සුවපත් වීම සඳහා ඖෂධවල ප්‍රතිචාර දැක්වීම සිදුනොවන බවය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments