Homeකාලීන පුවත්උත්සව සමයට පෙර නාඩු සහල් වෙළඳපොළට - වෙළඳ ඇමැති

උත්සව සමයට පෙර නාඩු සහල් වෙළඳපොළට – වෙළඳ ඇමැති

වෙළෙඳ පොළේ පවතින සහල් තත්ත්වය සම්බන්ධයෙන්  කෙටි කාලීන විසඳුමක් ලෙස නාඩු සහල් මෙට්‍රික් ටොන් 70,000ක් ආනයනය කිරීමට රජය තීරණය කර ඇති බව වෙ‌ළෙඳ , වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (20) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

එසේම මෙම සහල් ආනයනයට අවසර ලබා දී ඇත්තේ ලංකා සතොසට සහ ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවට පමණක් වන බව පැවසූ අමාත්‍යවරයා එම සහල් වෙළඳපොලේ අලෙවි කළ හැක්කේ රුපියල් 220කට හෝ ඊට වඩා අඩු මිලකට පමණක් බවත් අමාත්‍යවරයා  අවධාරණය කළේය. 

රටේ නාඩු සහල් පරිභෝජනය සියයට 65 ක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා මසකට එම සහල් අවශ්‍යතාවය මෙට්‍රික්ටොන් ලක්ෂ 140,000 ක් වන අතර පොදුවේ සෙසු සහල් අවශ්‍යතාවය මෙට්‍රික්ටොන් ලක්ෂ දෙකක් බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.ඒ අනුව පසුගිය 2023/2024 කන්න දෙකෙහි මෙට්‍රික් ටොන් මිලියන 3.1 ක වී අස්වැන්නෙන් සහල් මෙට්‍රික්ටොන් 2.1 ක නාඩු සහල් අස්වැන්නක් ලැබුණ අතර පරිභෝජනයෙන් අනතුරුව එම දත්ත අනුව වසරකට ආසන්න වශයෙන් මෙට්‍රික්ටොන් ලක්ෂ 4ක අතිරික්ත තිබිය යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

තවද එළඹෙන උත්සව සමය වෙනුවෙන් දෙසැම්බර් මස 15 වැනි දිනට පෙර හිඟයකින් තොරව නාඩු සහල් වෙළඳපොළට කිකුත් කිරීමට කටයුතු කෙරෙන බවද ඒ් මහතා  වැඩිදුරටත් පැවසීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments