Homeක්‍රීඩාශ්‍රී ලංකාව වේලාසනම එක්දින තරගාවලිය ජය ගනියි

ශ්‍රී ලංකාව වේලාසනම එක්දින තරගාවලිය ජය ගනියි

ලකුණු 210 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම 46 වැනි පන්දුවායේ අවසන් පන්දුවේදී ජය වාර්තා කරගන්නා විට ප්‍රතිවාදී පන්දු යවන්නෝ ඉනිමේ කඩුලු 7 ක් දවා ගැනීමට සමත්ව සිටියහ. තරගය නිමා වන විටත් සිය අන්තය ආරක්ෂා කරගෙන සිටි කුසල් මෙන්ඩිස් ලකුණු 74 ක් ලබා සිටිද්දී තරගය අවසන් කිරීමට ඔහුට අනගි සහායක් ලබා දුන් මහීෂ් තීක්ෂණ ලකුණු 27 ක් රැස් කරගෙන සිටියේය. මොවුන් දෙදෙනා අතර 8 වැනි කඩුල්ලේ නොබිඳුණු සම්බන්ධතාව ලකුණු 47 ක් විය.

මේ වසර පුරාවටම ලකුණු අතර සිටින පිතිකරුවා බවට පත්ව සිටින කුසල් මෙන්ඩිස් පළමු තරගයේ ලද ශතකයට අමතරව අද දිනයේ රැස් කර ගන්නා ලද ලකුණු 74 ත් සමඟ 2024 වසරේ ඔහුගේ පෞද්ගලික ලකුණු සංඛ්‍යාව 742 දක්වා ඉහළ දමා ගැනීමට සමත්ව සිටින්නේය.

ශ්‍රී ලංකා ඉනිම ආරම්භය අසාර්ථක වූයේ අවිශ්ක ප්‍රනාන්දු වේලාසනම දැවී යෑම හේතුවෙනි. අනතුරුව ශ්‍රී ලංකා ඉනිමේ සිව්වැනි කඩුල්ල බිද වැටෙන විට ලකුණු පුවරුව සටහන් වූයේ 65 ක් වශයෙනි. අනතුරුව සිය ඉනිමේ බර කරට ගත් කුසල් මෙන්ඩිස් පළමුව සදීර සමරවික්‍රම සමග ලකුණු 28 ක්ද  අනතුරුව ජනිත් ලියනගේ සමග ලකුණු 39 ක්ද එක් කරමින් ජයග්‍රහණයට අදාළ අඩිතාලම එක් කිරීමට සමත්වූහ. මෙම තරගයේදී කුසල් පන්දුවට පහර දුන්නේ ආබාධයක් සහිතව වුවත්, කණ්ඩායමේ ජයග්‍රහණය ගැන සිතා ඔහු වේදනාව අමතක කර දමමින් පන්දුවට පහර දීම කැපී පෙනුණි.

පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම 30 වැනි පන්දුවාරය ක්‍රියාත්මක වන විට රැස් කරගෙන සිටියේ ලකුණු 111 ක් පමණක් වුවත් අනතුරුව යවන ලද පන්දුවාර 6 දී නවසීලන්ත පිතිකරුවෝ ලකුණු 62 ක් උදුරා ගැනීමට සමත්වූහ. මෙහිදී පස්වැනි කඩුල්ල වෙනුවෙන් මාක් චැප්මන් සහ මිචෙල් හේ දෙදෙනාා ගොඩනංවන ලද ලකුණු 75 සම්බන්ධතාව ඇතුළතම එම ලකුණු සංඛ්‍යාව වාර්තාවීම කැපී පෙනිණ.

එහෙත් 5 වැනි කඩුල්ල ලකුණු 173 දී බිඳ වැටීමත් සමඟ නවසීලන්ත ඉනිමට කණ කොකා හැඬවීය. ඒ ඉතිරි කඩුලු 6 ම ලකුණු 36 ක් ැතුළත බිඳ වැටීම හේතුවෙනි. පන්දු යැවීමේදී මහීෂ් තීක්ෂණ සහ ජෙෆ්රි වැන්ඩර්සි කඩුලු 3 බැගින් දවා ගනිද්දී අසිත ප්‍රනාන්දු කඩුලු 2 ක් බිඳ දැමූහ.

නවසීලන්ත ඉනිමේ ඉහළම ලකුණු සම්බන්ධතාව වූ ලකුණු 75 විය. ලකුණු 93 ක් ඇතුළත කඩුලු 4 ක් බිඳ වැටී තිබියදී එක්වූ මෙම පිතිකරුවන් ඒ සඳහා පන්දු 78 ක් වැය කර තිබුණහ. වැඩිම ලකුණු ලාභියා වූ චැප්මන්ගේ ලකුණු 76 පන්දු 81 කින් සමන්විත විය. ඒ ඊට හයේ පහර 3 ක් සහ හතරේ පහර 7 ක්ද ඇතුළත් වීමෙනි. කඩුලු රකින්නා වන මිචෙල් හේ අද දිනයේදී තම මංගල අර්ධ ශතකය පෙනී පෙනී දැවී ගියේ ලකුණු 49 ක් ලබා සිටියදීය.

අසීරු උඩපන්දු අවස්ථා 2 ක් ගිලිහී යෑම හැරුණු කොට ශ්‍රී ලංකා කණ්ඩඩායමේ පන්දු රැකීම අද දිනයේ අති විශිෂ්ඨ මට්ටමේ පැවැතිණ. මෙහිදී අවිශ්ක ප්‍රනාන්දු රැක ගත් උඩ පන්දු තුනත් ලෝන් ඕන් සිට මිඩ් ඔෆ් දෙසට දිව විත් පැතුම් නිස්සංක රැක ගත් උඩ පන්දුව කලකට අමතක නොවන මට්ටමේ උඩ පන්දු වූහ. මෙම තරගයට වර්ෂාවෙන් බාධා පැමිණීම අවස්ථා දෙකකදී තරගය තාවකාලිකව අත්හිටුවීමට විනිසුරුවන්ට සිදුවුණා පමණක් නොව තරගය එක් පිලකට පන්දුවාර 47 කට සීමා කරමින් පැවැත්වීමට ද සිදුවිය.

ලකුණු පුවරුව
නවසීලන්තයලකුණුපන්දු
විල් යංග්ස්ට.කුසල් මෙන්ඩිස්ප.ජෙෆ්රි වැන්ඩර්සේ2640
ටොම් රොබින්සන් ප.දුනිත් වෙල්ලාලගේ44
හෙන්රි නිකොල්ස් ප.මහීෂ් තීක්ෂණ823
මාක් චැප්මන්ඇ.අවිශ්ක ප්‍රනාන්දුප.අසිත ප්‍රනාන්දු7681
ග්ලෙන් පිලිප්ස්ඇ.අවිශ්ක ප්‍රනාන්දුප.චරිත් අසලංක1522
මිචෙල් හේඇ.කුසල් මෙන්ඩිස්ප.මහීෂ් තීක්ෂණ4962
මයිකල් බ්‍රේස්වෙල්ඇ.අවිශ්ක ප්‍රනාන්දුප.අසිත ප්‍රනාන්දු04
මිචෙල් සැන්ට්නර්ඇ.පැතුම් නිස්සංකප.ජෙෆ්රි වැන්ඩර්සේ615
නේතන් ස්මිත්කඩුල්ල මුවා කළාප.ජෙෆ්රි වැන්ඩර්සේ01
ඉෂ් සෝධිස්ට. කුසල් මෙන්ඩිස්ප.මහීෂ් තීක්ෂණ912
ජේකබ් ඩෆීනොදැවී 47
අතිරේක12 
එකතුව පන්දුවාර 45.1 කදී සියලු දෙනා දැවී ලකුණු209
කඩුලු වැටීම / 1-09 (රොබින්සන් 1.4), 2-31 (නිකොල්ස් 7.6), 3-69 (යංග් 16.5), 4-98 (පිලිප්ස් 23.1), 5-173 (චැප්මන් 36.1), 6-173 (බ්‍රේස්වෙල් 36.5), 7-185 (සැන්ට්නර් 40.1), 8-185 (ස්මිත් 40.2), 9-199 (සෝධි 43.2)
පන්දු යැවීම
අසිත ප්‍රනාන්දු 7-0-37-2දුනිත් වෙල්ලාලගේ 8-0-46-1
මහීෂ් තීක්ෂණ 9.1-0-31-3ජනිත් ලියනගේ 3-0-18-0
ජෙෆ්රි වැන්ඩර්සේ 10-0-46-3චරිත් අසලංක 8-0-29-1
ශ්‍රී ලංකාව
පැතුම් නිස්සංකඇ.මාක් චැප්මන්ප.මයිකල් බ්‍රේස්වෙල්2833
අවිශ්ක  ප්‍රනාන්දුඇ.හෙන්රි නිකොල්ස්ප.මිචෙල් සැන්ට්නර්59
කුසල් මෙන්ඩිස්නොදැවී 74102
කමිදු මෙන්ඩිස්ඇ.මිචෙල් හේප.මයිකල් බ්‍රේස්වෙල්03
චරිත් අසලංකඇ.ඉෂ් සෝධිප.මයිකල් බ්‍රේස්වෙල්1312
සදීර සමරවික්‍රමඇ.මිචෙල් හේප.ග්ලෙන් පිලිප්ස්817
ජනිත් ලියනගේඇ.මිචෙල් හේප.නේතන් ස්මිත්2239
දුනිත් වෙල්ලාලගේඇ.ඉෂ් සෝධිප.මයිකල් බ්‍රේස්වෙල්1817
මහීෂ් තීක්ෂණනොදැවී 2744
අතිරේක15 
එකතුව පන්දුවාර 46 කදී කඩුලු 7 ක් දැවී ලකුණු210
කඩුලු වැටීම / 1-23 (අවිශ්ක 4.3), 2-41 (නිස්සංක 9.5), 3-කමිදු 11.2), 4-65 (අසලංක 15.3), 5-93 (සදීර 21.2), 6-132 (ලියනගේ 36.1), 7-163 (වෙල්ලාලගේ 36.1)
පන්දු යැවීම
මිචෙල් සැන්ට්නර් 10-1-33-1ජෙකොබ් ඩෆී 5-0-36-0
මයිකල් බ්‍රේස්වෙල් 10-0-36-4ඉෂ් සෝධි 9-0-37-0
ග්ලෙන් පිලිප්ස් 9-0-41-1නේතන් ස්මිත් 3-0-21-1

මූලාශ්‍රය – ශ්‍රී ලංකා ක්‍රිකට්

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments