Homeකෙටි කතා'බූරුවා සහ ' ජීවිතයට අලුත් යමක් කියා දෙන කෙටි කතාවකි

‘බූරුවා සහ ‘ ජීවිතයට අලුත් යමක් කියා දෙන කෙටි කතාවකි

දවසක් ගොවිපළක හිටපු බූරුවෙක් ගොවිපළේම තිබුණු තරමක් ගැඹුරු ළිඳකට වැටෙනවා… මේ සතා ගොඩට එන්න බැරුව පැය ගණනක් තිස්සේ හයියෙන් කෑගහනවා… මේක ඇහුණු ගොවිපළ අයිතිකාරයා දුවගෙන එනවා… පැය ගාණක් ඔහුත් මේ සතාව ගොඩට ගන්න දන්න හැම උත්සාහයක්ම ගන්නවා… ඒත් වැඩක් වෙන්නේ නෑ…

අන්තිමේදී ගොවියා තීරණයකට එනවා…

දැන් බූරුවාත් වයසට ගිහිල්ලයි ඉන්නේ… ඌගෙන් හරියට වැඩක් ගන්නවත් බෑ… ඒ වගේම තමයි මේ ළිඳත්… මේකෙත් දැන් වතුර හිඳිලා, වියළීලා ගිහිල්ලයි තියෙන්නේ… කරන්න දෙයක් නෑ… බූරුවා ඇතුළේ ඉද්දිම පස් දාලා මම මේ ළිඳ වහලා දානවා… ඇත්තටම බූරුවා ළිඳෙන් එළියට ඇදලා ගන්න වියදම් කරන එකෙයි, ඒකට මහන්සි වෙන එකෙයි තේරුමක් නෑ…

ඔහු ගමේ මිතුරන් කීප දෙනෙකුට විස්තරේ කියලා ළිද ගොඩ කරන්න ඔවුන්ගෙන් උදව් ඉල්ලනවා… ඔවුන් පැමිණ සවල් වළින් වටේ තිබෙන කුණුරොඩු, පස් අරගෙන ළිඳට දාලා ළිඳ ගොඩ කරන්න පටන් ගන්නවා…

දැන් ළිඳ ඇතුලේ ඉන්න බූරුවාට මේ සිද්ධවෙන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරුව ඇතුලේ ඉඳන් මහ හයියෙන් දරුණු විදියට කෑගහන්න පටන් ගන්නවා… කට්ටිය දුකෙන් උනත් වෙන කරන්න දෙයක් නැති නිසා, බූරුවාගේ සද්දෙත් ඉවසගෙන දිගටම ළිඳ කුණු සහ පස්වලින් පුරවන්න පටන් ගන්නවා… ටික වෙලාවකින් හැමෝම පුදුමයට පත් කරමින් මේ කෑගහපු බූරුවා නිහඬ වෙනවා… බුරුවා යටවෙලා මැරෙන්න ඇති කියලා හිතන මේ කට්ටිය ළිඳ දිහා බලන්නෙවත් නැතුව, ඒ ගැන තැකීමක් නොකර දිගටම ළිඳ වහන්න පටන් ගන්නවා…

දැන් මෙහෙම සෑහෙන වෙලාවක් ගියාට පස්සේ ළිඳ සෑහෙන ප්‍රමාණයක් ගොඩවෙලා තිබෙන බව ගොවියාට තේරෙනවා…

ඔහු ළිඳ අසළට ගිහින් බලනවා… කට ළඟටම පිරුණු ළිඳ ඇතුලේ දුටු දෙයින් ගොවියා පුදුමයට පත්වෙනවා…

මෙතරම් කාලයක් නිෂ්ශබ්දතාවයකින් හිටපු බූරුවා පිරුණු කුණු සහ පස් මතින් ළිඳේ කට ළඟටම ළඟාවෙලා හිටපු විදිය දැකපු සියළුම දෙනා පුදුමයට පත්වෙනවා…

මොලේ නැති බුරුවා කියලා කවුරු කිව්වත්, අවශ්‍යම වෙලාවේදී තමන්ගේ ජීවිතේ බේරගන්න මේ සතා මොලේ පාවිච්චි කරපු විදිය හරි අපූරුයි නේද..? මානසිකව වැටිලා ඉන්නකොට අපි හිතන්න ඕනී, ජීවිතය කියන්නේ හැම වෙලාවේම විවිධ වර්ගවල අපිරිසිදු කුණු එකතුවෙන තැනක්… කුණු නිසා එකතුවෙන අපේ හැම ප්‍රශ්ණයකින්ම අපි එක පියවරක් හරි උඩට එන්න ඕනි… එහෙම කරන ගමන් අපි අපේ ජීවිතය අත් නොහැර උඩටම ආවොත් අපිට අපි සිටින ගැඹුරුම තැනින් කොහොමහරි ගොඩ එන්න පුළුවන්…

උපුටා ගැනීම – ධම්මික සමරතුංග – facebook පිටුවෙනි

#DhammikaSamaratunga

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments