Homeඅධ්‍යාපන හා වෘත්තීයIIHS ආයතනය මෙරට හොඳම සේවා යෝජකයන් අතරට

IIHS ආයතනය මෙරට හොඳම සේවා යෝජකයන් අතරට

මෙරට සෞඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) ආයතනය කීර්තිමත් Employer Branding Institute ආයතනය නම් කළ මෙරට විශිෂ්ටම සේවා යෝජක සන්නාම අතරට එක් වී තිබේ. එම ආයතනය සතු විශිෂ්ට මානව සම්පත් පිළිවෙත්, ඵලදායි කුසලතා කළමනාකරණය සහ නිර්මාණාත්මක උපාය මාර්ග අගයමින් මෙම සම්මානය

පිරිනමා තිබේ. IIHS ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි නිර්මාතෘ සහ අධ්‍යයන උපාය මාර්ග හා ජාත්‍යන්තර සම්බන්ධතා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතා වෙත සම්මානය පිරිනමන ලදි. IIHS ආයතනය මේ දක්වා පැමිණි සාර්ථක ගමනට ඔහුගේ නායකත්වය විශාල පිටිවහලක් විය. රටවල් 36කට වැඩි ප්‍රමාණයක් නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ මානව සම්පත් වෘත්තිකයෝ සහ විශේෂඥයෝ සම්මානලාභීන් තෝරාගැනීමේ ක්‍රියාවලියට මඟපෙන්වූහ. යහපත් සේවා පරිසරයක් නිර්මාණය කිරීමට IIHS ආයතනය ගන්නා ක්‍රියා මාර්ග ජාත්‍යන්තර වශයෙන්ද පිළිගන්නා බව මෙමඟින් තහවුරු විය.

වර්ධනය, නව්‍යකරණය සහ බලගැන්වීම කේන්ද්‍ර කර ගත් ධනාත්මක සේවා ස්ථාන සංස්කෘතියක් බිහිකිරීම සඳහා IIHS ආයතනය සතු කැපවීම මේ තුළින් පිළිබිඹු වේ. මෙයද ඇතුළුව පසුගිය කාලය පුරා ලැබූ ජයග්‍රහණ පිළිබඳව IIHS ආයතනය සිය කාර්යමණ්ඩලය වෙත ප්‍රණාමය පළ කරයි. අඛණ්ඩ ඉගැනීම සහ නව්‍ය අදහස් දිරි ගන්වන IIHS ආයතනය පෙරළිකාර මානව සම්පත් ක්‍රමවේද රැසක්ද හඳුන්වා දී ඇත. ඒ තුළින් නිපුණතා සංවර්ධනය සහ කළමනාකරණය පිළිබඳව නව ප්‍රමිති හඳුන්වා දීමට ඔවුන්ට හැකියාව ලැබී තිබේ. සෑම සේවකයෙකුටම වටිනාකමක් ලැබෙන සහ ඔවුන්ගේ උපරිම ශක්තියෙන් ආයතනයේ අභිවෘද්ධියට දායක වීමට අවස්ථාව දෙන IIHS ආයතනය කාර්ය මණ්ඩලයේ පෞද්ගලික මෙන්ම වෘත්තීය සංවර්ධනය පිළිබඳව යොමු කරන්නේ ප්‍රමුඛ අවධානයකි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments