ලිංගිකත්වයේ සෞඛ්‍ය ප්රතිලාභ සුරාන්තයේ සතුට ඉක්මවා යයි. රුධිර පීඩනය අඩු කිරීමේ සිට ආතතිය අඩු කිරීම දක්වා සෑම ආකාරයකම සෞඛ්‍ය ප්රවර්ධනයක් ඔබට ලැබේ. අද රාත්‍රියේ ලිංගිකව හැසිරීමට ඔබට අවශ්‍ය සියලු නිදහසට කරුණු දැන් කියවන්න.
‘දුම්පානය, මත්පැන් පානය, ලිංගිකත්වය සහ රස ආහාරපාන අත්හැර දැමූ මිනිසෙක් ගැන මම දනිමි. ඔහු සියදිවි නසා ගන්නා දවස දක්වා ම ඔහු නිරෝගීව සිටියේය !’
මේ මිනිසා ගැන මම ඔබට නො කියමි. එහෙත් ඇත්ත වශයෙන් ම ඔහු ජීවත් වූවේ ය. අවසානයේ මැදි වියේ දී සියදිව නසා ගත්තේ ය. සමාවන්න, ඔබට එය විහිලුවක් විය හැකිය. නමුත් ඔබට එය වැරදී ඇත. දුම්පානය, මත්පැන් පානය සහ සුඛෝපභෝගී ආහාර වැනි සෞඛ්‍ය සම්පන්න නොවන පුරුදු අත්හැරීමෙන් ඔබේ සෞඛ්‍යය වැඩි දියුණු විය හැකි වුවත් ලිංගිකත්වය අත්හැරීම එසේ නොවේ.
ඇත්ත වශයෙන් ම, ඔබ නිරෝගී සම්බන්ධතාවයක සිටින විට, ලිංගිකත්වය යනු ඔබට කළ හැකි හොඳම දේවලින් එකකි. ඊට හේතු 10ක් මෙන්න !.
- එය ආතතිය ලිහිල් කරයි / It eases stress
ඔබ ආතතියෙන් පෙළෙන්නේ නම්, ලිංගිකත්වය ඔබේ මනසෙහි ඇති අවසාන දෙය විය හැකිය. නමුත් ඔබට යහපත් මනෝභාවයක් ලබා ගත හැකි නම්, ලිංගිකත්වය යනු මානසික ආතතිය දුරු කිරීමකි. ලිංගික ක්‍රියාවෙන් ඔබේ මොළයට සියලු ආකාරයේ හැඟීම්, හිතකර රසායනික ද්‍රව්‍ය ගලා එන අතර ආතතිය හෝමෝනය වන කෝටිසෝල් / stress hormone cortisol අඩු කරයි.
ඩොපමයින් / Dopamine මොළයේ සතුට සහ විපාක මධ්‍යස්ථාන කෙරෙහි බලපෑම් ඇති කරයි. වේදනාව සහ ආතතිය අඩු කළ හැකි එන්ඩොර්ෆින් / endorphins; සහ cuddle හෝමෝනය ලෙස ද හඳුන්වන ඔක්සිටොසින් / oxytocin, ලිංගිකව එක්වීමේදී නිකුත් වන අතර, සුරාන්තයෙන් / orgasmපසුව ඉහළ මට්ටමක පවතී.
2. එය මනෝභාවය වැඩි කරයි / It boosts mood
Oxytocin යහපැවැත්ම සහ සතුට පිළිබඳ හැඟීම් ප්‍රවර්ධනය කරයි. ඒවගේම එහෙම දැනෙන්න සල්ලාලයෙක් වගේ දඟලන්න ඕනේ නැහැ. 1989 සිට 2012 දක්වා කාලය තුළ ඇමරිකානු පිරිමින් සහ කාන්තාවන් 30,000ක් යොදාගෙන කරන ලද අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ සතියකට වරක්වත් කැප වූ සබඳතාවක් තුළ ලිංගිකව එක්වීම මිනිසුන් සතුටු කිරීමට ප්‍රමාණවත් බවයි. ඒක ප්‍රතිලාභයකට වඩා දෙයක්. අත් අල්ලා ගැනීම, වැළඳ ගැනීම, සිපගැනීම් ද උසස් ජීවන තත්ත්වයකට දායක වන බව අධ්‍යයනවලින් හෙළි විය.
එය ලබා ගැනීමෙන් මානසික අවපීඩනයෙන් මිදිය හැකිය. අධ්‍යයනවලින් පෙනී යන්නේ තම සහකරුවන් සමඟ සංසර්ගයේ යෙදෙන පිරිමින් සහ කාන්තාවන් ඔවුන්ගේ මානසික සෞඛ්‍යය පිළිබඳ වැඩි තෘප්තියක් ලබන බවයි. (අවාසනාවකට මෙන්, ප්රතිලාභ ස්වයංවින්දනය දක්වා විහිදුනේ නැත.)
නමුත් ලිංගික සතුට අනියම් ලිංගික සම්බන්ධතා හෝ ස්වයං වින්දනය සඳහා ක්‍රියා කරන බවක් නොපෙනේ. රාජ්‍ය විශ්ව විද්‍යාල 14ක් පුරා USCollege සිසුන් 7,500කට ආසන්න සංඛ්‍යාවක් යොදාගෙන කරන ලද එක් අධ්‍යයනයකින් හෙළි වූයේ වැඩි වශයෙන් ස්වයං වින්දනයේ යෙදී ඇති අයගේ සතුට සහ ආත්ම අභිමානය අඩු මට්ටමක පවතින අතර මානසික අවපීඩනය සහ කාංසාව ඉහළ මට්ටමක පවතින බවයි.
අනියම් ලිංගිකත්වය සමඟ පිරිමින් සුදුසු යැයි සිතන මතයට වෙනස්ව, පර්යේෂකයන් ස්ත්‍රී පුරුෂ භාවය අතර වෙනසක් සොයා ගත්තේ නැත.
3. එය නින්ද වැඩි දියුණු කරයි / It improves sleep
ඔබව ලිහිල් කරන හෝර්මෝනයක් වන Prolactin ද සුරාන්තයෙන් පසුව ද නිකුත් වේ. prolactin සහ අනෙකුත් සියලුම “හිතට දැනෙන” හෝමෝනවල සංකලනය ලිංගිකව හැසිරීමෙන් පසු බොහෝ මිනිසුන් වඩා හොඳින් නිදා ගැනීමට හේතුවයි.
Prolactin ඉහළම ප්‍රමාණය ලබා ගැනීම සඳහා වෛද්‍යවරුන් යෝජනා කරන්නේ හැකි නම් සහකරුවෙකු සමඟ ලිංගික හැසිරීමකින් ම සුරාන්තයක් ඇති කර ගැනීමයි. සංසර්ගයෙන් පසු පිරිමි සහ ගැහැණු යන දෙඅංශයේම prolactin මට්ටම “ඉහත ස්වයං වින්දනයට වඩා 400% වැඩි” විය හැකි බව පර්යේෂණවලින් පෙනී යයි.
අවාසනාවකට, නින්ද අහිමි වීම ලිංගික තෘප්තියට ද බලපෑම් කළ හැකිය. වයස අවුරුදු 50 ත් 79 ත් අතර කාන්තාවන් 10,000කට ආසන්න සංඛ්‍යාවක් යොදාගෙන කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ දිනකට පැය හතකට හෝ අටකට අඩු නින්දක් ලබන අය ලිංගිකව ක්‍රියාශීලී වීමට ඇති ඉඩකඩ අඩු බවයි. වැඩිහිටි කාන්තාවන් නින්ද අහිමි වූ විට අඩු ලිංගික සම්බන්ධතා වාර්තා කිරීමට වැඩි ඉඩක් ඇත.
නින්දේ ආබාධ තවත් ගැටලු කිහිපයක් ඇති කළ හැකිය. නිදසුනක් වශයෙන් නින්දේ දී ගොරවන ගැහැනුන් සහ පිරිමින් අතර ලිංගික උනන්දුවක් සැලකිය යුතු ලෙස අඩු ය. එසේම අඩු නින්දක් ලබන පිරිමින් විශේෂයෙන් දැඩි ලෙස පීඩාවට පත් වේ. ටෙස්ටොස්ටෙරෝන් නිපදවීමට, පිරිමින්ට හොඳ විවේකයක් සහ බාධාවකින් තොරව නින්දක් අවශ්‍ය වේ. එසේ නොමැතිව ඔවුන්ට ටෙස්ටොස්ටෙරෝන් මට්ටම අඩු වී ශිෂේණය ඍජු නොවීමේ ආබාධවලට ගොදුරු විය හැකිය .
නින්ද වැඩි දියුණු වූ විට කුමක් සිදුවේද? ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම ශුභ ආරංචියක්: ලිංගික හැසිරීම් වලට ඇති කැමැත්ත ඉහළ යයි. 2015 අධ්‍යයනයකට අනුව , හොඳ රාත්‍රී නින්දක් ලබා ගත් කාන්තාවන්ට පසු දින ලිංගික ආශාවන් අත්විඳීමට ඇති ඉඩකඩ වැඩිය. ඇත්ත වශයෙන්ම, නින්දේ කාලසීමාව පැයක වැඩිවීමක් කාන්තාවක් තම සහකරු සමඟ ලිංගිකව හැසිරීමේ සම්භාවිතාව 14% කින් වැඩි කරයි.
4. එය ඔබේ ප්‍රතිශක්තිය වැඩි කරයි / It boosts your immunity.
නිතිපතා ලිංගිකව එක්වීම රෝගවලින් මිදීමටද උපකාරී වේ. පෙන්සිල්වේනියාවේ විල්ක්ස් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් එක්සත් ජනපද විද්‍යාල සිසුන්ගෙන් ඔවුන් සතියකට කොපමණ වාර ගණනක් ලිංගිකව හැසිරී ඇත්දැයි විමසූ අතර පසුව ඔවුන්ගේ කෙළ වල ශරීරයේ පළමු ආරක්ෂක මාර්ගය ලෙස ක්‍රියා කරන ප්‍රතිදේහයක් වන ඉමියුනොග්ලොබුලින් A මට්ටම සංසන්දනය කළහ.
සතියකට වරක් හෝ දෙවරක් ලිංගිකව එක්වන සිසුන්ට immunoglobulin A ඉහළ ම මට්ටමක් තිබුණි: එය ලිංගිකව එක් නොවූ අයට වඩා 30% කින් වැඩි ය. නමුත් සතියකට තුන් වතාවක් හෝ ඊට වැඩි වාර ගණනක් ලිංගිකව එක් වූ අයගේ තත්ත්වය තව දුරටත ඉහළ විය. මීට අමතරව, දිගු කාලීන, තෘප්තිමත් සබඳතාවල සිටි සිසුන්ට ප්රතිදේහයේ ඉහළම මට්ටම් තිබුණි.
ඔබ සමාජ සහයෝගය සහ ප්‍රතිශක්තිකරණ පද්ධතිය පිළිබඳ පර්යේෂණ සලකා බලන විට එය අර්ථවත් කරයි. පිට්ස්බර්ග් විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය සම්පන්න ස්වේච්ඡා සේවකයන් 276 දෙනෙකුගේ අධ්‍යයනයකින් හෙළි වූයේ පෙම්වතුන් පමණක් නොව පවුලේ අය, මිතුරන් සහ සංවිධාන ඇතුළුව විවිධ සමාජ ජාල ඇති අයට සෙම්ප්‍රතිශ්‍යාව වැළඳීමේ අවම සම්භාවිතාවක් ඇති බවයි.
5. එය පුරස්ථි පිළිකා ඇතිවීමේ අවදානම අඩු කරයි / It decreases risk of prostate cancer.
පිරිමින්ට ශුභ ආරංචියක්: නිතර ශුක්‍රාණු පිටවීම පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා සඳහා අඩු අවදානමක් සමඟ සම්බන්ධ වී ඇති බව පෙනේ. 2004 බ්‍රිතාන්‍ය වෛද්‍ය සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයකින් වයස අවුරුදු 40 ත් 75 ත් අතර ඇමරිකානු පිරිමින් 50,000කට වැඩි පිරිසකගේ ලිංගික ජීවිතය අධ්‍යයනය කර ඇත. මසකට ශුක්‍රාණු 21ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් වාර්තා කරන පිරිමින්ට පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා ඇතිවීමේ සම්භාවිතාව මාසයකට 4-7 වතාවක් ශුක්‍රාණු පිටවන පිරිමින්ට වඩා අඩුය. 2016 දී ප්‍රකාශයට පත් කරන ලද පසු විපරම් අධ්‍යයනයක් ද එම ප්‍රතිඵල පෙන්නුම් කළේය.
ඉතිරි කොටස හෙට දින ප්‍රකාශයට පත් වේ.
https://edition.cnn.com ඇසුරිනි