ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලබන නැෂනල් සුපර් ලීග් කාන්තා පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය කණ්ඩායම් 4 කගේ සහභාගිත්වයෙන් ජනවාරි මස 08 වැනිදා කොළඹදී ආරම්භ වේ. නිල්, අළු, කොළ සහ රතු යන කණ්ඩායම් 4 සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය ලබන ජනවාරි 17 වැනිදා කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත අවසන් මහ තරගයෙන් අවසන් වනු ඇත.
තරගාවලියේ ඇති සුවිශේෂීත්වයක් වන්නේ නියෝජනය කරනු ලබන කණ්ඩායම් 4 අතර මීළඟ අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවීමට නියමිත ක්‍රීඩිකාවන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් ක්‍රීඩා කිරීම වේ. එහි නායිකාව වශයෙන් චමුදි ප්‍ර බෝධා කටයුතු කරන්නීය. ඊට අමතරව කොළ කණ්ඩායම හසිනි පෙරේරා විසින්ද, අළු කණ්ඩායම විශ්මි ගුණරත්න විසින්ද සහ නිල් කණ්ඩායම හර්ෂිතා සමරවික්‍රම විසින්ද මෙහෙයවනු ලබති.
ලීග් ක්‍රමය යටතේ පැවැත්වෙන තරගාවලියේ මූලික වටයේදී එක් කණ්ඩායමක් තරග 6 කට ක්‍රීඩා කිරීමට නියමිතය. තරග 12කින් සමන්විත මූලික වටයේදී එක් දිනක පෙරවරුවේ සහ පස්වරුවේ තරග දෙක බැගින් පැවැත්වෙන අතර, මූලික වටය ලබන 15 වැනිදා නිමාවේ. අනතුරුව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක ජනවාරි 17 වැනිදා කොළඹ පී. සරා ඕවල් පිටියේදී අවසන් මහ තරගයට සුදුසුකම් ලබනු ඇත. මූලික වටයේ තරග කොළඹ බී.ආර්.සි, තර්ස්ටන්, කෝල්ට්ස් සහ පී.සරා ඕවල් ක්‍රීඩාංගණවලදී පැවැත්වෙනු ඇත.
කොළ කණ්ඩායම – හසිනි පෙරේරා (නායිකා), ලිහිණි අප්සරා, නිලක්ෂි ද සිල්වා, නෙත්මි සේනාරත්න, මල්ෂා ෂෙහානි, විතිනි ද අල්විස්, පියුමි වත්සලා, නිමේෂා මදුශානි, කාව්‍යා කාවින්දි, රශ්මි නේත්‍රාංජලී, රශ්මි සිල්වා, රිෂ්මි සංජනා, හරිනි පෙරේරා, අයේෂා කීර්තිසිංහ, දේවගි ජෙගනාදන්.
අළු කණ්ඩායම – විශ්මි ගුණරත්න (නායිකා), හසිනි ඉන්ද්‍රජිත්, සුමුදු නිසංසලා, කවීෂා දිල්හාරි, හංසිමා කරුණාරත්න, සුබද්‍රා සවනි, සඳුනි නිසංසලා, තාරුකා ෂෙහානි, ඉමේෂා දුලානි, තාරිකා සෙව්වන්දි, මල්කි මදාරා, හිරුනිකා නුවන්තනා, චමරි ලක්ෂානි, සෙව්මිණි ශෂිකලා, මල්ෂි නිරාෂා.
නිල් කණ්ඩායම – හර්ෂිතා සමරවික්‍රම (නායිකා), සඳලි වීරසිංහ, කෞෂානි නුත්‍යාංගනා, ඉමල්කා මෙන්ඩිස්, දෙව්මි විහංගා, අමා කාංචනා, සචිනි නිසංසලා, සත්‍යා සංදීපනී, චේතනා විමුක්ති, ශයිනි සේනාරත්න, රන්දි ප්‍රේමරත්න, යසන්ති හේරත්, ශනිල්කා සත්‍යාංගනී, හිරුනි හංසිකා, නෙත්මි සංජනා.
රතු කණ්ඩායම – චමුදි ප්‍රබෝධා (නායිකා), විමෝක්ෂා බාලසූරිය, සංජනා කාවින්දි, උමයංගනා පීරිස්, නෙතඟි ඉසුරාංජලී, ශෂිනි ගිම්හානි, ප්‍රමුදි මෙත්සරා, ලිමන්සා තිලකරත්න, අසේනි තලගුණේ, නෙත්මි උපේක්ෂා, චමෝදි හේරත්, රශ්මිකා සෙව්වන්දි, දනෝද්‍යා සෙව්මිණී, මිතලි අයෝද්‍යා, ඩාරියා දිසානායක.



