ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දෘෂ්ටි, ශ්‍රවණ සේවා සහ ඇස් කණ්ණාඩි විසඳුම් සපයන්නා වූ විෂන් කෙයා ආයතනය, අලුත්ගම ප්‍රදේශයේ පාරිභෝගිකයන් වෙත වඩා පුළුල් සේවාවක් ලබා දීම සඳහා නවීන පහසුකම් සහිතව නවීකරණය කරන ලද අලුත්ගම ශාඛාව 433, ගාලු පාර, අලුත්ගම යන ලිපිනයෙහි පසුගියදා විවෘත කරන ලදී.
මෙම නව ශාඛාව පාරිභෝගිකයන් වෙත තව තවත් සමීප වෙමින් දිවයිනේ සියලුම ප්‍රදේශයන් ආවරණය වන පරිදී උසස් තත්ත්වයේ අක්ෂි සහ ශ්‍රවණ සත්කාර සේවාවන් ව්‍යාප්ත කිරීමට විෂන් කෙයා ආයතනය දරන උත්සාහයේ තවත් එක් පියවරක් සනිටුහන් කරයි.
සමාරම්භක උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තන් ඇතුළුව විෂන් කෙයා හි සභාපති දසන්ත ෆොන්සේකා, කළමනාකාර අධ්යක්ෂ ජානක ෆොන්සේකා සහ විෂන් කෙයා කාර්ය මණ්ඩල සාමාජිකයින් එක්ව සිටියහ. මෙම නව අලුත්ගම ශාඛාව ප්‍රමාණවත් තරම් වාහන නැවැත්වීමේ පහසුකම් සමඟින් වඩා ඉඩකඩ සහිතව සකසා ඇති අතර ඇස් කණ්නාඩි, අව් කණ්ණාඩි සහ සිවිකාච ඇතුළු පුළුල් පරාසයක නිෂ්පාදන හා අක්ෂි පරීක්ෂණ සේවාවන්ගෙන් සමන්විතයි.
අලුත්ගම නගරයේත් ඒ අවට ප්‍රදේශවල පාරිභෝගිකයන්ටත් ඉහළ ප්‍රමිතීන්ට අනුකූලව ජාත්‍යන්තර මට්ටමේ අක්ෂි සත්කාර සේවාවන් ලබා දීම සඳහා විෂන් කෙයා ආයතනයේ මනා පුහුණුව ලත්, ඉහළ පළපුරුද්දක් ඇති වෘත්තීයවේදීන් විසින් ප්‍රවීණ ලෙස හසුරුවනු ලබන අති නවීන අක්ෂි සහ ශ්‍රවණ සත්කාර උපකරණ වලින් මෙම නව ශාඛාව සමන්විත වේ. Ray-Ban, Vogue, Polaroid, Vintage වැනි ජාත්‍යන්තර සන්නාම රැසක් යටතේ අවශ්‍යතාවයට ගැළපෙන ලෙස විවිධ රටාවේ, නවීන මාදිලියේ, විවිධ හැඩයේ ඇස් කණ්ණාඩි සහ අව් කණ්ණාඩි ඉතාම පහසු මිල ගණන් යටතේ මෙම ශාඛාව මඟින් ලබා ගැනීමට හැකි වේ.
දශක 3 කට වැඩි කාලයක් ශ්‍රී ලාංකික අක්ෂි සෞඛ්‍ය ක්ෂේත්රයේ උසස් තාක්ෂණය උපයෝගී කරගත් නවීන යන්ත්‍රෝපකරණ භාවිතා කරන පුරෝගාමියා ලෙසින්, සෑම විටම සිය පාරිභෝගිකයන් හට ඉහළ තත්ත්වයේ අක්ෂි සහ ශ්‍රවණ සත්කාර සේවා ලබාදීමට විෂන් කෙයා ආයතනය කටයුතු කරයි.
නව අලුත්ගම ශාඛාව විවෘත කිරීමත් සමඟින් විෂන් කෙයා ශාඛා ජාලය තවදුරටත් පුළුල් වීම, උසස් තත්ත්වයේ ගුණාත්මක දෘෂ්ටි සහ ශ්‍රවණ සත්කාර විසඳුම් පාරිභෝගිකයින්ට සමීප කරවමින්, පැහැදිලි දැක්මක් සහ ශ්‍රවණයක් තුළින් පාරිභෝගිකයින්ගේ ජීවන තත්වය උසස් කිරීමට විෂන් කෙයා ආයතනය දරණ ප්රයත්නයේ තවත් වැදගත් අවස්ථාවකි.





