Monday, October 13, 2025
More
    Homeකාන්තා ලෝකයකාන්තාවන්ට සහ පුරුෂයින්ට ලිංගිකව හැසිරීමට ඇති කැමැත්ත අඩු කරන හේතු ගැන ඔබ...

    කාන්තාවන්ට සහ පුරුෂයින්ට ලිංගිකව හැසිරීමට ඇති කැමැත්ත අඩු කරන හේතු ගැන ඔබ දැන සිටියා ද ?

    මේ සඳහා බොහෝ හේතු තිබිය හැකිය, නමුත් ලිංගික ආශාව අඩුවීමෙන් ඔබේ ලිංගික ජීවිතයට බරපතල වෛද්‍ය ගැටලු හෝ අවදානම් ඇති බව සැමවිටම අදහස් නොකෙරේ. එම හේතු අතරට ඔබේ වෘත්තීය ජීවිතයට (උදාහරණ ලෙස ඔබට රැකියාවේ හෝ කාර්යාලයේ ගැටලුවක් තිබේද යන්න) හෝ මානසික ආතතිය මෙන්ම ගැබ් ගැනීම, දරු ප්‍රසූතිය හෝ මව්කිරි දීම වැනි ජීවිතයේ නිශ්චිත අවධිවලට අදාළ ගැටළු ඇතුළත් විය හැකිය.

    කෙසේ වෙතත්, ලිංගික ආශාව අඩුවීමේ ගැටලුව අනපේක්ෂිත ලෙස නැවත නැවත් ඇතිවන්නේ නම් හෝ නොනැසී පවතින්නේ නම්, ඒ පිටුපස ඇති හේතු තීරණය කිරීමට පියවර ගැනීම වැදගත් වේ.

    මනෝවිද්‍යාඥවරියක වන කැතරිනා ද මොරායස් පවසන්නේ, “සියල්ලටම කලින්, අඩු ලිංගික ආශාව සමග ඇති ගැටලුව කුමක්දැයි දැන ගැනීම තමයි වැදගත් වෙන්නේ.”

    කැතරිනා ද මොරායස් බ්‍රසීල ලිංගික වෛද්‍ය සංගමයේ ලේකම්වරිය ද වේ.

    “ඇතැම්විට අඩු ලිංගික ආශාව පිළිබඳ ගැටළුව වන්නේ ශිෂ්ණය ඍජු වීමේ පවතින දුර්වලතා හෝ දුර්වල ලිංගික ක්‍රියාකාරීත්වය සමඟ පවතින ව්‍යාකූලත්ව. නමුත් යථාර්ථය නම් හුදෙක් ලිංගික ආශාව අඩුවීම පිළිබඳ කාරණයක්” ඇය පවසයි.

    අන්තරාසර්ග විශේෂඥ වෛද්‍ය ඩියාගෝ ෆොන්සේකාට අනුව, ජීවිතයේ ඕනෑම අවධියකදී මතුවන ලිංගික ආශාව අඩුවීමේ හෝ නැතිවීමේ රෝග ලක්ෂණවලදී ප්‍රතිකාර සඳහා යොමුවිය යුත්තේ ඒවා අඛණ්ඩව මාස හයක් පවතින්නේ නම් පමණි.

    ඔහු පවසන පරිදි සායනික තක්සේරු ක්‍රියාවලියේදී පවා එක් එක් පුද්ගලයාගේ තත්ත්වය සලකා බැලීම වැදගත් වේ.

    විශේෂඥයින්ගේ සහාය ඇතිව, ලිංගික ආශාවන්හි වෙනස්කම් සඳහා හේතුවිය හැකි සාධක හතරක් අපි පහත සඳහන් කර ඇත්තෙමු.

    ජීවිතයේ විවිධ අදියරවලදී සිදුවන වෙනස්කම්

    ලිංගික ආශාවන් අඩුවීම සඳහා බලපාන බොහෝ හේතු තිබිය හැකිය. ආතතිය, තෙහෙට්ටුව, දින චර්යාවේ සහ ජීවන රටාවේ වෙනස්කම්, ලිංගිකව එක්වීමට හැකියාව පවතින කාලය දරුවන් රැකබලා ගැනීම වැනි වෙනත් ක්‍රියාකාරකම් සඳහා යෙදවීම ඒ අතර වේ.

    “කාලයත් සමග විවාහක අඹුසැමි යුවළකට පවතින ලිංගික ආශාවන් අඩුවීම සාමාන්‍ය දෙයක් වන අතර එය රෝගයක් නිසා සිදුවන්නක් නොවේ. නමුත් ලිංගිකත්වය තෘප්තිමත් ලෙස පවතින තෙක්, එයින් අදහස් වන්නේ ලිංගික ආශාවන් අඩුවීමට හේතු වන කිසිදු රෝගයක් නොමැති බව,” යැයි කැත්‍රිනා පවසයි.

    سیکس

    මානසික ගැටළු

    මානසික අවපීඩනය සහ ආතතිය වැනි ගැටළුවලට ද ලිංගික ආශාවන් සැලකිය යුතු ලෙස අඩු කිරීමේ හැකියාව පවතී.

    කැත්‍රිනා පවසන පරිදි මානසික අවපීඩනයෙන් පෙළෙන රෝගීන් තුළ, ලිංගික ආශාව සඳහා පවතින කැමැත්ත අඩුවීම මොළයේ රසායනික අසමතුලිතතාවයක් හේතුවෙන් සිදුවන වන අතර, සෙරොටොනින් සහ ඩොපමින්වල වෙනස්කම් සතුටට හා හැඟීම්වලට බලපෑම් එල්ල කරයි.

    ‘එවැනි අවස්ථාවලදී, ප්‍රතිකාර මගින් ප්‍රගතියක් ලබා ගත හැකියි.’

    මානසික අවපීඩනය සහ කාංසාව සඳහා ප්‍රතිකාර කිරීමට භාවිතා කරන ඇතැම් ඖෂධ වර්ග ද ලිංගික ආශාව අඩු කිරීමට හේතු වේ.

    කෙසේ වෙතත්, මෙම බලපෑම් අඩු කිරීමට උපකාරී වන ප්‍රතිකාර තිබේ, නමුත් එය සිදු කිරීමේ හැකියාව පවතින්නේ වන්නේ ඖෂධ ප්‍රමාණය අඩු කිරීමෙන් හෝ ව්‍යායාම කිරීම හරහා ලිංගික ආශාව පවත්වා ගැනීමට උපකාර කළ හැකි වෛද්‍යවරයෙකුගේ සහය හිමිවන්නේ නම් පමණයි.

    විශේෂඥයින් අනතුරු අඟවන්නේ ප්‍රතිකාර නොකළ මානසික අවපීඩනය ලිංගික ක්‍රියාකාරිත්වයට බලපාන අතර මනෝචිකිත්සක ප්‍රතිකාර අනපේක්ෂිත ලෙස නැවැත්වීම භයානක විය හැකි බැවින්, ලිංගික ආශාව අඩු වීම හේතුපාදක කර ගනිමින් මානසික අවපීඩනයට ප්‍රතිකාර කිරීම අතහැර දැමිය යුතු නොමැති බවයි.

    “රෝගීන්ට වැදගත් වන්නේ ඔවුන්ට ඇති ඕනෑම තත්ත්වයක් ගැන විවෘතව සිටීමයි, ලිංගික ආශාවන් සම්බන්ධ ගැටළුවලදී පවා” කැත්‍රිනා පවසයි.

    හෝමෝනවල වෙනස්කම්

    යම් පුද්ගලයෙකුගේ එදිනෙදා චර්යාවේ පැහැදිලි වෙනසක් සිදුවී නොමැති නම් හෝ ඔහු/ඇය මානසික ගැටළුවකින් ද නොසිටින්නේ නම් නම්, ඊළඟ පියවර වන්නේ හෝමෝනවල සිදුව ඇති වෙනස්කම් පිළිබඳ සොයා බැලීමයි.

    අන්තරාසර්ග විශේෂඥ වෛද්‍යවරියක වන කැරොලීන් කැස්ත්‍රෝ පැහැදිලි කරන්නේ පුරුෂයින් තුළ පවතින ටෙස්ටොස්ටෙරෝන් සහ කාන්තාවන් තුළ පවතින ඊස්ට්‍රජන් ලිංගික ආශාවන් සමඟ සම්බන්ධ වී පවතින බවයි.

    ඊස්ට්‍රජන් ලිංගික සෞඛ්‍යයට මෙන්ම මානසික සෞඛ්‍යයටද සම්බන්ධ වන අතර, ටෙස්ටොස්ටෙරෝන් ශුක්‍රාණු නිෂ්පාදනයට අමතරව ලිංගික ආශාව සඳහා ද බලපායි.

    ඩියාගෝ ෆොන්සේකා පවසන්නේ එවැනි තත්ත්වයන්වලදී රෝග විනිශ්චය කිරීම සංකීර්ණ ක්‍රියාවලියක් විය හැකි බවයි.

    “උදාහරණයක් පෙන්වා දෙනවා නම් අපි බලන්නේ පුරුෂයින් තුළ ටෙස්ටොස්ටෙරෝන් මට්ටම අඩුද නැද්ද යන්න පමණක්ම නෙමෙයි, ග්‍රන්ථිවල වෙනස්කම් ඇති කිරීමට හේතුවන කුමන හෝ රෝග ලක්ෂණ තිබෙනවා ද කියල සොයන්නත් අපි උත්සහ කරනවා”

    වෛද්‍යවරුන්ට අනුව, ගැබ් ගැනීම, දරු ප්‍රසූතියේ පශ්චාත් අවස්ථාව, මව්කිරි දීම සහ තරබාරුකම හේතුවෙන් ද හෝමෝනවල වෙනස්කම් සිදුවිය හැකිය.

    කැරොලිනා කැස්ත්‍රෝ පවසන්නේ එවැනි රෝගීන් සඳහා ඖෂධ භාවිතය යනු එක් මාර්ගයක් විය හැකි බවයි, නමුත් ඒ සමඟම ශරීරය තුළ සිදුවම සොභාවික වෙනස්කම් පිළිබඳ යෝජනා ද උපකාරී වේ. නමුත් එවැනි තත්ත්වයන්වලදී, රෝග විනිශ්චය සිදු කරනු ලබන්නේ එක් එක් පුද්ගලයාට පුද්ගලික සෞඛ්‍ය තත්ත්වය මත පදනම්වයි.

    سیکس

    රෝග

    ලිංගික ආශාව අඩු කළ හැකි තවත් දෙයක් වන්නේ වෙනත් රෝගයි.

    උදාහරණයක් ලෙස බහු ස්ක්ලේරෝසිස්, පාකින්සන් රෝගය, කොඳු ඇට පෙළේ තුවාල හෝ ස්නායු රෝග පිළිබඳ ගැටළු ලිංගික ආශාවන් හා සම්බන්ධ ස්නායුවලට බලපෑම් එල්ල කළ හැකි අතර, ප්‍රබෝධමත්භාවය ද ඇතුළුව එය පුරුෂයින්ගේ ශිෂ්ණය ඍජුවීමේ ක්‍රියාකාරීත්වයට බලපෑම් එල්ල කළ හැකිය.

    දියවැඩියාවෙන් පෙළෙන පුද්ගලයින්ට ද ලිංගික ආශාව අඩු විය හැකි හෝමෝන වෙනස්කම් සඳහා මුහුණපෑමට සිදුවේ. ඊට අමතරව, දියවැඩියාව ස්නායු වලට බලපාන තෙහෙට්ටුව සහ ස්නායු රෝග සඳහා ද හේතුවිය හැකිය. එවැනි අවස්ථාවලදී සංවේදීතාව සහ ලිංගික ආශාව අඩු විය හැකිය.

    රුධිර සංසරණය පහළයාම හේතුවෙන් ඇතිවන හෘද රෝග පවතින පුද්ගලයින් විඩාව පිළිබඳව ද පැමිණිලි කරයි. මෙම විඩාබර තත්ත්වය ද ලිංගික ආශාවන් අඩුවීමට හේතු විය හැකියි.

    මීට අමතරව හෘද රෝග සඳහා භාවිතා කරන ඇතැම් ඖෂධ වර්ග ද ලිංගික ආශාව අඩු කිරීමට හේතු විය හැක.

    ප්‍රතිකාර සහ සන්නිවේදනය

    වෛද්‍යවරුන් පවසන්නේ මෙම ගැටලුවට විස්මිත විසඳුමක් නොමැති බවයි. සෑම සිද්ධියක්ම අද්විතීය වන අතර ප්‍රතිකාරය පුද්ගලයාගේ රෝග විනිශ්චය මත රඳා පවතී.

    මේ පිළිබඳ එකිනෙකා සමඟ සාකච්ඡා කරන ලෙස වෛද්‍යවරු සාමාන්‍යයෙන් විවාහපත් යුවළට උපදෙස් ලබා දෙති.

    “මෙම මාතෘකාව ගැන ඔබේ සහකරු සමඟ විවෘතව සාකච්ඡා කිරීමෙන් වරදවා වටහාගැනීම් වළක්වා ගන්න පුළුවන්. එය වේදනාකාරී කතාබහක් වෙන්න පුළුවන් වුණත්, පවතින තත්ත්වය පිළිබඳ සහකරුවන්ට වඩා හොඳින් තේරුම් ගැනීමට සහ එක්ව විසඳුමක් සොයා ගැනීමටත් ඒක උදව්වක් වෙන්න පුළුවන්” ඩියේගෝ ෆොන්සේකා පවසයි.

    source:https://www.bbc.com/sinhala/articles/c5yv294x23lo

    RELATED ARTICLES

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisment -
    Google search engine

    Most Popular

    Recent Comments